Headlines

    ජනමත විචාරණයක් ගැන රහස් සාකච්ඡා

    මැතිවරණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මින් එක සාකච්ඡාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක අවස්ථා දෙකක දී පවත්වා ඇති බව වාර්තා වෙයි. හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වු ආකාරයට වත්මන් ආණ්ඩුවටත් කටයුතු කළ…

    Read More

    ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ඉවතට

    2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වූයේ D කාණ්ඩය යටතේ නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය බංග්ලාදේශය ලකුණු 25කින් ජය ගැනීමත් සමඟය. ඒ අනුව බංග්ලාදේශයේ ලකුණු 160ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නෙදර්ලන්තයට…

    Read More

    සාමාන්‍ය ජනතාවට ලැබෙන වාසිය ජනපති පහදයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති ගිවිසුම්වල මූලික ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ලැබෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, කොළඹදී අද (13) පැවති සාර්ක් කලාපීය රටවල 45 වැනි මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීම හා සමුළුව අමතමිනි. එම අවස්ථාවට සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් මෙන්ම සාර්ක් රටවල මහ බැංකු අධිපතිවරුන් සහ නියෝජ්‍ය අධිපතිවරුන්…

    Read More

    මැයි මාසයේ ICC දක්ෂතම ක්‍රීඩිකාව චමරි

    2024 මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ICCය චමරි අතපත්තුව නම් කර තිබේ. ඒ අනුව චමරි අතපත්තු ICCය විසින් නම් කරන මාසයේ කාන්තා ක්‍රීඩිකාව සම්මානය දෙවන වරටත් දිනා ගැනීමට සමත්වී තිබේ.

    Read More

    ඔස්ට්‍රේලියාවට යන අයට ජුලි සිට නව නීති

    ජුලි මස පළමු වනදා සිට වීසා නීති දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. ඒ අනුව සංචාරක වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණ එහි රැඳීසිටිමින් ශිෂ්‍ය වීසා ලබාගැනීමට දී තිබූ අවස්ථාව මින් ඉදිරියට අහිමි වේ. යුද ගැටුම් සහ දරිද්‍රතාව හේතුවෙන් දහස් ගණන් පිරිස් රටින් පළාගොස් සමෘද්ධිය පතා ධනවත් රටවල රැකවරණ ඉල්ලා සිටින අතර, තවත් විශාල පිරිසක් සංවර්ධිත…

    Read More

    ඉන්දීය මුදල් ඇමති සහ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය අතර හමුවක්

    ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර හමුවක් නවදිල්ලියේ දී සිදුවී තිබේ. එහිදී නිර්මලා සීතාරාමන් යළිත් වරක් ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය ලෙස පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඇයට සුබ පැතුම් එක් කර ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවද…

    Read More

    ලොව ධනවත් රටවල් හතේ මෙවර ඉලක්කය

    ලොව ධනවත් රටවල් හතේ නායකයින් සහභාගී වන G7 සමුළුව ඉතාලියේදී අද පැවැත්‌වෙයි. කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව යන රටවල නායකයින්ගේ සහභාගීත්වයෙන් එම සමුළුව අද සිට ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. මීට අමතරව අප්‍රිකාවේ සහ ඉන්දු පැසිපික් කලාපීය රටවල නායකයින්ද G7 සමුළුවට සහභාගී වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‍යුක්‍රේනයේ සහ ගසා…

    Read More

    මෙරට වැඩිහිටි ජනගහනයේ ඉහළ යාමක්

    මෙරට වැඩිහිටි ජනගහනය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ, මේ වන විට මෙරට උපතේ දී ආයු කාලය අවුරුදු 79 ඉක්මන බවය. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙම අදහස් පළ කළේය. “අපේ රටේ වියපත් ජනගහනය එන්න එන්න වැඩිවෙනවා….

    Read More

    විදෙස් රැකියා ජාවාරමක් හසුවෙයි

    ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ නිල්මිණි නමැති කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කතරගම, ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් 1,689,000 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලක් මත මෙම සැකකාරියව…

    Read More

    ආර්ථිකය තවමත් අවදානමේ බව IMF කියයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවන සමාලෝචනය සඳහා අනුමැතිය හිමිවුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ (12) දිනයේ අදාළ අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. ඒ අනුව මාස 48ක් සඳහා ක්‍රියාත්මක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර…

    Read More