Headlines

    ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර දකුණු ආසියාවේ තෙවන තැන ශ්‍රී ලංකාවට

    ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට  පත්ව තිබේ. වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට යි. නේපාලය දෙවන ස්ථානයේ පසුවන අතර ඉන්දියාව පස් වන ස්ථානයේත් පාකිස්තානය හත් වන ස්ථානයේත් පසුවේ. ප්‍රධාන මානයන් හතරක් ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මනිනු ලබන…

    Read More

    සරසවි ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම හෙට සිට

    2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි 14 වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වනදා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

    Read More

    ජනපතිගේ තීරු බදු ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

    2025 ජනවාරි මස සිට අදියර තුනක් යටතේ ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ අතර පාර්ශ්වකරුවන්ගේ දැනුවත්භාවය සහ අනුකූලතාව සහතික කිරීමේ අරමුණින් රේගු ආඥාපනතේ 101 වන වගන්තිය යටතේ එම බදු ප්‍රතිපත්තිය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහාත් අනුමැතිය හිමිව ඇත. රටක් තුළ වෙළෙඳ හා…

    Read More

    වාහන ආනයනය ගැන කැබිනට්ටුව ගත් තීරණය 

    සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 2023 අංක දෙක දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්‍රකාරව ශ්‍රී ලංකාවට මෝටර් රථ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා  තිබේ. එහෙත් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් පරිදි සංචාරකයින් ප්‍රවාහනය…

    Read More

    ගුරු-විදුහල්පතිවරුන් හෙට උද්ඝෝෂණයක

    හෙට (12) දහවල් 1න් පසු සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. ඒ අනුව හෙට දහවල් සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන 101 ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල 100ක් ඉදිරිපිට ගුරු – විදුහල්පති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බවත් ඔහු සඳහන් කළේය  ගුරු-විදුහල්පති වැටුප් දීමනාව ඉවත් කිරීම, අධ්‍යාපනයේ…

    Read More

    මලාවි උප ජනාධිපති ගුවන් අනතුරකින් මරුට

    මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලීමා ගුවන් අනතුරකින් මියගොස් තිබේ. උප ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන් වූ ගුවන්යානය කඩාවැටි තිබුණේ එරට චිකන්ගාවා නම් වනාන්තරයට ය. අයහපත් කාලගුණය මැද පියාසර කළ ගුවන්යානය රේඩාර් පථයෙන් අතුරුදන් වූයේ ඊයේ උදෑසනය. ඒ ලිලොන්ග්වේ අගනුවර ගුවන්තොටුපොළින් පියාසැරිය ආරම්භ කළ සුළු මොහොතකිනි. යානයේ සුන්බුන් හමුවූයේ පැය 24කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු…

    Read More

    ඇපල් දුරකථනවලට Chat GPT එකතු වෙයි

    AI තාක්ෂණයේ පෙරමුණ ගැනීමට ප්‍රධාන පෙළේ තාක්ෂණ සමාගම් අතර තියුණු තරගයක් ඇති වී තිබෙන මොහොතක අමෙරිකානු ඇපල් සමාගම සිය ඉදිරි නිෂ්පාදන පෙළ AI තාක්ෂණය යොදාගනිමින් එළිදැක්වීමට කටයුතු කරමින් සිටී.  ඒ අනුව ඊයේ පැවති ඇපල් සමාගමේ වාර්ෂික සංවර්ධකයන්ගේ සමුළුවේදී (Developers Conferance) ප්‍රකාශ වුණේ ඇපල් සමාගමේ මීළඟ අයිෆෝන් නිෂ්පාදනය AI නැත්නම් කෘත්‍රිම බුද්ධියෙන් සන්නද්ධ කෙරෙන බවය.  විශේෂයෙන්…

    Read More

    ඩෙංගු අධි අවදානම් තත්ත්වය ඉහළට

    පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. මෙම මස ගත වු දින 11 තුළ පමණක් ඩෙංගු රෝගීන් 971 දෙනෙකු වාර්තා වී ඇති අතර මේ දක්වා දිවයිනෙන්…

    Read More

    රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන තීරණයක්

    රාජ්‍ය අංශයේ පවතින වැටුප් විෂමතා විසඳීමට රජයට අවශ්‍ය වුව ද 2024 අයවැය ලේඛනය මඟින් ඒ සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ හැකිවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ආශ්‍රිත වැටුප් විෂමතා ඇතුළු වැටුප් සම්බන්ධව පවතින ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සමන්විත කමිටුවක් මේ…

    Read More

    ලොව සංචාරය කිරීමට හොඳම රටවල් තුන අතරට ශ්‍රී ලංකාවත්

    සංචාරය කිරීම සඳහා ලොව හොදම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ද පත්ව තිබේ. ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත්කළ නවතම වාර්තාවකට අනුව 2024 ගිම්හාන සෘතුවේ දී සංචාරය කිරීම සඳහා ලොව හොඳම රටවල් තුන ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය යන රටවල් නම් කර ඇති බව වාර්තා වේ. මේ වසරේ පළමු කාර්තුව තුළ ලොව මිලියන 285ක පමණ…

    Read More