
featureNews

ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ. අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම ඇත.

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වේ. අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය. පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීම මෙලෙස අද දිනයෙන් ආරම්භ වන අතර නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ අතර…

හිඟ මුදල් සහිතව වැඩිහිටි දීමනාව මාර්තු 20 වනදා සිට
අඩු ආදායම්ලභී වයස අවුරුදු 70ට වැඩි ප්‍රතිලාභීන්ට රජය විසින් ලබා දෙන රුපියල් 3,000ක වැඩිහිටි දීමනාව 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට හිඟ දීමනා ද සහිතව ගෙවීමට රජය තීරණය කර තිබේ. වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, චතුර මිහිදුම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මාර්තු මස 20 වනදා සිට අදාළ ගෙවීම් සිදුකරන බවය. අස්වැසුම්ලාභී වැඩිහිටියන්ට එම දීමනාව…

ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 29ක්
මීට වසර 29කට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගන්නේ අද (17) වැනි සුවිශේෂී දිනයක වීම ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට නම් කිසිදා අමතක නොවනු ඇත. 1996 වසරේ පැවති එක්දින ලෝක කුසලන අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේය. පාකිස්තානයේ ලාහෝර් නුවර…

මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ පළමු ගමන සාර්ථකයි
චීනයේ නිෂ්පාදිත TP1000 නම් මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, Shandong පළාතේ දී සිය පළමු ගුවන් ගමන සාර්ථකව දියත් කර තිබේ. මෙය ගුවනේ සිට භාණ්ඩ බෙදා හැරිය හැකි චීනයේ නිෂ්පාදිත ප්‍රථම මිනිසුන් රහිත මහා පරිමාණ ප්‍රවාහන ගුවන් යානාවයි. ඩ්‍රෝන යානාවල ගුවන්ගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව, චීනය මෙම ගුවන් යානය සම්පූර්ණයෙන්ම ස්වාධීනව පර්යේෂණ කරමින් නිෂ්පාදනය කර…

E-8 රැකියා ලබා දෙන පවසා රුපියල් මිලියන 03ක් වංචා කළ සැකකරු අල්ලයි
දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 03කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබී ඇති අතර ඔහු අධිකරණ නියෝග පැහැර හරිමින් සිටින පුද්ගලයෙකු බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. E-7 සහ E-8 කාණ්ඩය යටතේ රැකියා…

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල මෙන්ම අනුරාධපුරය, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට එම වැසි තත්ත්වය අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද…

ජනපති සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකාව, ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම උපදෙස් ලබා දුන්නේ, සංචාරක…

රැප් ගායක ශාන් පුතා රඳවාගෙන ප්‍රශ්න කරයි
පිස්තෝල ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රැප් ගායක ශාන් පුතා ඇතුළු සැකකරුවන් තිදෙනා මාතර මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් පසුව දින 07ක රැදවුම් නියෝග ලබාගෙන තිබේ. ශාන් පුතා නැමැත්තාව මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවියන් සමග හෝමාගම පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණි. එමෙන්ම ගිනිඅවිය ලබාදුන් බව කියන මන්නාරම පොලීසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක්…

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් මුල දිවයිනට
එළැඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එම සංචාරයේදී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසයි.