Headlines

    IS සබඳතා පැවැත්වූ සැකකරු අල්ලන්න කොළඹදී කළ මෙහෙයුම

    ISIS ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පැවැත් වූ බවට චෝදනා ලබා ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් සිවුදෙනාව මෙහෙයවූ  ප්‍රධානියා ලෙස සැලකෙන ඔස්මන් ජෙරාඩ් නමැත්තා ඊයේ (31) රාත්‍රියේ කොළඹදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එක්ව සිදුකළ මෙහෙයුමකදීය. ISIS සංවිධානය සමග සම්බන්ධ බවට චෝදනා ලබා ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සමග…

    Read More

    බස් සහ ත්‍රීවිල් ගාස්තු අඩු කරන්න බැහැ කියයි

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් අඩු කළේය.  එම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගම සිය මිල ගණන්ද සංශෝධනය කර ඇති අතර සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබුණි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති…

    Read More

    දෙවන පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

    20 -20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු දෙවන පුහුණු තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි. ඒ අයර්ලන්තය පරාජය කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනු අයර්ලන්තය පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවි ලකුණු 163ක් රැස්කර ගත්තේය. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී…

    Read More

    ඉන්ධන මිල වෙනස් වෙයි

    අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී.  ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව…

    Read More

    උසස් පෙළ විශිෂ්ටයෝ මෙන්න

    උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ජෛව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා හිමිකර ගෙන ඇති අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්. ඒ. චිරාත් නිරෝධ ගණිත අංශයෙන් පළමු ස්ථානය දිනාගෙන ඇත. කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගාල්ල…

    Read More

    උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

    2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. පසුගිය ජනවාරි 4 වන දින සිට ජනවාරි 31 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වුණි.  මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 229,057ක් පාසල් අයදුම්කරුවන් ය. පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 40,556ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. විශ්වවිද්‍යාල…

    Read More

    මැයි මාසයේ ආහාර උද්ධමනය සියයට බිංදුවයි

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ දී 0.9%ක් දක්වා පහළ ගොස් තිබේ. එය අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 1.5ක් ලෙසය.  මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 2.9 සිට මැයි මාසයේ දී සියයට 0.0ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයකි. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ…

    Read More

    SAITM සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල් ගැන තීරණයක්

    දකුණු ආසියානු තාක්ෂණ ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 2025 ජනවාරි මාසයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය පූර්ව කටයුතු සිදුකිරීමට අගෝස්තු මාසයේ දී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දෙන බව සඳහන් වේ.

    Read More

    TikTok අමෙරිකානු මෙහෙයුම් වෙන් කරයි ද?

    ලෝකයේ ජනප්‍රියතම සමාජ මාධ්‍ය වේදිකා 05ට අයත්වන අමෙරිකානු නොවන එකම සමාජ මාධ්‍යය වන්නේ චීන බයිට්ඩාන්ස් සමාගමේ ටික්ටොක්, කෙටි වීඩියෝ හුවමාරු යෙදුමය. එහෙත් අමෙරිකානුවන් මිලියන 170ක් පමණ අද වනවිට ටික්ටොක් සමාජ මාධ්‍යය භාවිත කරමින් සිටී.  ටික්ටොක් යෙදුමේ චීන හිමිකාරීත්වය නිසා අමෙරිකානු ග්‍රාහකයන්ගේ දත්ත අවදානමට ලක්වන බවට ට්‍රම්ප් පරිපාලනයේ වගේම ජෝ බයිඩන් පරිපාලනයේත් අදහස වී තිබේ. එබැවින්…

    Read More

    මෝදි පැය 45ක භාවනාවක

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබේ. ඒ 1892 වර්ෂයේදී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ කන්‍යකුමාරිහි විවේකානන්ද ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීය. අගමැති මෝදී හෙට සවස් කාලය තෙක් මෙලෙස භවනානුයෝගීව සිටීමට නියමිත අතර ඉන්දීය මහ මැතිවරණය අවසන් වීමට නියමිතව ඇත්තේ ද හෙට (01) දිනයේදී වීම විශේෂත්වයකි.

    Read More