Headlines

    මැතිවරණය කල්දැමීම සුදුසු නැහැ – නාමල්

    මැතිවරණ කල්දැමීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයකට යහපත් නොවන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ප්‍රතිපත්තිවලට හානි කරන බවය. ස්ථාවරත්වය ඇති විය යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවන බවද…

    Read More

    Onmax මුදල් නැවත ගෙවීමේ ක්‍රමය අධිකරණයට දන්වන්නැයි නියෝග

    Onmax පිරමීඩ යෝජනා සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වනවිට මුදල් අහිමිවී සිටින තැන්පත්කරුවන්ට එම මුදල් වසර දෙකක් තුළ ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇති බව අප අධිකරණ වාර්තාකරු පැවසීය. අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි අධ්‍යක්ෂවරුන්…

    Read More

    අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමයක් ගැන රජය තීරණයක් ගනී

    සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාළව යෝජිත අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පොහොර සමාගම් දෙකෙහි අරමුදල්වලින් රුපියල් මිලියන 844ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මේ වනවිට…

    Read More

    වෙළෙඳපොළ පොලි අඩුකළ යුතුයි – ශ්‍රී ලංකා මහ බැංකුව

    වෙළෙඳපොළ පොලි අනුපාතික අඩුකිරීම සඳහා තවදුරටත් අවකාශ පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම අඩුකිරීම අනිවාර්යෙන්ම ඉතා ඉක්මණින් වෙළෙඳපොළ පාරිභෝගිකයින්ට මූල්‍ය ආයතන විසින් ලබා දෙතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු බලධාරීන් පැවසීය. මේ අතර අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ මූල්‍ය ආයතන…

    Read More

    වතු ගැන ජනපති ගෙනා විශේෂ යෝජනාවට අනුමැතිය

    ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවලට අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම පිණිස අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය වෙතින් සලසා දීමට ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිරවුල් කිරීමෙන් පසුව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදලට අනුව ආයතනයන් විසින්…

    Read More

    කම්කරු නීති වෙනස් නොකරන්නැයි රජයට ඉල්ලීමක්

    නව කම්කරු නීතියක් සඳහා ඉදිරිපත් වී ඇති වත්මන් යෝජනා නතර කරන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. කම්කරු නීතිවල ප්‍රතිසංස්කරණ සිදුකළ යුත්තේ කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ නිසි උපදෙස් ලබා ගැනීමෙන් පසුව පමණක්  බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වා දෙයි. ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ අයිතිවාසිකම් ඉවත් කිරීම මඟින් කම්කරු අයිතිවාසිකම් සහ ආරක්ෂාව දුර්වල කරන යෝජිත නව…

    Read More

    මහ බැංකු පොලී අනුපාත ගැන තීරණයක්

    ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (27) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.50 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)සියයට 9.50 ලෙස දැනට…

    Read More

    උසස් පෙළ ශිෂ්‍යත්ව ප්‍රධානයට අදාළ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කරයි.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ තාක්ෂණ සිසුන්ට ජනපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ප්‍රධානයට අදාළ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබේ. 2024 -2025 වර්ෂ සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය ජුනි මස 07 වන දින දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ අයදුම්පත් භාර ගැනීම මැයි මස 22වන දින අවසන් වීමට…

    Read More

    වැටුප් විෂමතා ගැන සොයන්න කමිටුවක්

    රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. මේ වන විට රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රැසක නිලධාරීන් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී…

    Read More

    කොල්ලුපිටියේ මහදවල් දැවැන්ත කොල්ලයක්

    කොල්ලුපිටිය වෙළෙඳ සංකීර්ණයක වෙළෙඳසැලක කොල්ලයක් සිදුව ඇති බව පොලීසිය පවසයි. එහිදී කොල්ලකරු විසින් රුපියල් ලක්ෂ 40කට ආසන්න ජංගම දුරකථන අඩංගු බෑගයක් කොල්ලකා පළාගොස් ඇති බවට වාර්තාවෙයි. පොලීසිය පවසන්නේ සැකකරු එක්වරම වෙළෙඳසැල වෙත කඩාවැදී ගිනි අවියක් පෙන්වා මෙම කොල්ලය සිදුකර ඇති බවය. අනතුරුව සැකකරු යතුරුපැදියක නැගී පළාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි. කොල්ලුපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන්…

    Read More