featureNews
කොල්කටා කණ්ඩායම ෂාරුක් සමග ජය සැමරූ හැටි
ඉන්දීය ජනතාව අතර ක්‍රිකට් මෙන්ම සුපිරි නළු ෂාරුක් ඛාන් ද අතිශය ජනප්‍රිය චරිතයකි. වසර 10කට පසුව ෂාරුක් හිමිකාරීත්වය දරන කොල්කටා කණ්ඩායම IPL තරගාවලිය ජයගැනීමත් සමග එරට සමාජ මාධ්‍ය තුළ යළිත් කොල්කටා කණ්ඩායම මෙන්ම සුපිරි නළු ෂාරුක් ඛාන් ගැනත් දැඩි කතාබහක් ඇතිවී තිබේ. ඒ සුපිරි නළු ෂාරුක් ද ක්‍රිකට්වලට දක්වන සුවිශේෂී ඇල්ම හේතුවෙනි. පසුගියදිනවල විජලන තත්ත්වයක්…
රාහුල් ගාන්ධි සමග වේදිකාවක් කඩාවැටෙයි
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි එක්වූ රැලියක් අතරතුරදී වේදිකාවක් කඩාවැටී තිබේ. ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බිහාර් ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුරදී මෙම අනතුර සිදුව තිබේ.
රෙමාල් ඉන්දියාව ට සහ බංග්ලාදේශය ට බැටදෙයි
රෙමාල් සුළි කුණාටුව හේතුවෙන් අද (27) ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වෙරළබඩ කලාපයට දැඩි සුළඟ සහ වාර්ෂාව ඇතිවූ බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් සිව් දෙනෙක් මියගොස් ඇති අතර බොහෝ ප්‍රදේශවල විදුලි බලය ඇනහිට තිබුණි. නමුත් එම සුළි කුණාටුවේ බලපෑම මේ වනවිට දුර්වල වෙමින් පවතින බව සඳහන් ය. රෙමාල් සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 135ක වේගයෙන් ඊයේ රාත්‍රියේ…
දිලිත් – ගම්මන්පිල – විමල් ඇතුළු පිරිසක් අලුත් සන්ධානයකට
‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්වජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබීය. ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා…
වතු වැටුප ගැන තේ වතු හිමියන්ගේ සංගමය තීරණයක් ගනී
රජය යෝජනා කළ පරිදි වතු සේවකයින් සඳහා ඉදිරිපත් කළ රුපියල් 1,700ක වැටුප් වැඩිවීම ලබාදිය නොහැකි බව තේ වතු හිමියන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදොරෙයි මහතා පැවසුවේ තේ වතු හිමියන්ගෙන් කරුණු විමසීමකින් තොරව අදාළ වැටුප් වැඩි කිරීමට රජය තීරණය කර ඇති බවය. අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රොෂාන් රාජදොරෙයි මහතා එම අදහස් පළකළේය….
මෛත්‍රී පාර්ශ්වය වෙන තැනකට යයි
පවතින දේශපාලන වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු වෙනත් ස්ථානයක සිට සිදුකරගෙන යාමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඉදිරි දේශපාලන කටයුතු සිදු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය නොව කොළඹ පිහිටි වෙනත් ස්ථානයක් යොදා ගැනීමට නියමිත බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා…
ඊශ්‍රායලයෙන් තවත් ප්‍රහාරයක්
ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් මේ වනවිට පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි. එම ප්‍රහාරයෙන් මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් සිටින බව එම වාර්තා වල දැක්වෙයි. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇත්තේ රෆා ප්‍රදේශයේ හමාස් ඉලක්කයක් වෙත මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බවය….
ශිෂ්‍යත්වයේ අයදුම් පත් භාරගැනීම අද සිට
ශිෂ්‍යත්ව විභාගයට අදාළව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාර ගැනීම අද (27) දිනයේ සිට ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඒ අනුව ජුනි මස 14වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාරගැනීම සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. ජුනි මස 14 වන දින මධ්‍යම රාත්‍රී 12න් පසුව මාර්ගගත ප්‍රවේශය අවසන් කෙරෙන…
ඊශ්‍රායලය ට රොකට් ප්‍රහාර එල්ලවෙයි
ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරය වෙත පලස්තීන හමාස් සටන්කාමීන් විසින් රොකට් ප්‍රහාර එල්ලකළ බව වාර්තා වෙයි. මාස හතරකට පමණ කාලයක් තුළ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ලකර ඇත්තේ පළමු වරටය. හමාස් සටන්කාමීන් පවසා ඇත්තේ ඔවුන් රෆා ප්‍රදේශයේ සිට එම ප්‍රහාර එල්ලකළ බවයි.
ආනන්ද පෙරේරා දිවියෙන් සමුගනී
මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත. මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම එතුමා විසින් මෙහෙයවීය.