Headlines

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද සහ බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන ධීවර සහ නාවික ප්‍රජාවට වඩාත් සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය හෙට (25) උදේ 5.30…

    Read More

    පෘථිවියට සමාන ජීවත්වීමට සුදුසුම ග්‍රහලෝකයක් සොයාගනී ?

    තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් පෘථිවි සහ සිකුරු ප්‍රමාණයේ ආලෝක වර්ෂ 40ක් ඈතින් පිහිටි ආකර්ෂණීය ග්‍රහලෝකයක් සොයාගැනීමට සමත්වී තිබේ.  Gliese 12b නමින් නම්කර ඇති මෙම ග්‍රහලෝකය මේ දක්වා පෘථිවියට සමාන ජීවිත්වීමට සුදුසුම ග්‍රහලෝකය බවට උපකල්පනය කරයි.  යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය සමග නාසා ආයතනය සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම නව ග්‍රහලෝකය සොයාගෙන ඇත. 2022දී එක්සත් රාජධානියේ පැවැති…

    Read More

    යාපනය සරසවියේ වෛද්‍ය පීඨ නව ගොඩනැගිල්ල ජනපති විවෘත කරයි

    යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නව ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. එහි සායනික පුහුණු හා පර්යේෂණ අංශය ස්ථාපිත කර තිබේ. යාපනය විශ්වවිද්‍යාලයේ මෙලෙස නව ගොඩනැගිල්ලක් ඉදිකර ඇත්තේ වසර 46කට පසුවය. ඒ සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 942කි.   

    Read More

    සුළං ප්‍රවාහයේ වැඩිවීමක්

    දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන් විටින්විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට (25) දිනයේ උදෑසන 10:30 වන තෙක් වලංගු වන පරිදි අද (24) පෙරවරු 10:30ට මෙම අනතුරු ඇඟවීම නිකුත් කෙරුණි. වැඩි විස්තර පහතින්,

    Read More

    නෝවා ප්‍රහාරය සිහි කරමින් නිර්මාණයක්

    ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් ආරම්භවී මේ වනවිට මාස 7ක කාලයක් ගත්වී තිබුණත් යුද ගැටුම් තවමත් ලොව පුරා පුවත් මවන මාතෘකාවකි. එවන් තවත් සිදුවීමක් පිළිබඳව ඊශ්‍රායලයෙන් වාර්තා විය. ඒ, යුද ගැටුම් ආරම්භයට මුල් වූ නෝවා සැණකෙළිය ඉලක්ක කළ ප්‍රහාරය සිහිපත් කරමින් කළ නිර්මාණයක් පිළිබඳ පුවතකි. මෙම නිර්මාණය සිදුකර ඇත්තේ අමෙරිකානු කලාකාරිනියක් වන මොන්ටානා ටකර්ගේ ප්‍රධානත්වයෙනි….

    Read More

    සහන පොලී යටතේ ණය දීමේ වැඩසටහනක් රජයෙන්

    විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ, කර්මාන්තකරුවන් වෙනුවෙනි.  මේ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කර්මාන්ත අමාත්‍යංශය පැවසීය. කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය. විශේෂයෙන් මෙහිදී 7%,…

    Read More

    අද මිත්‍යාවෙන් ඉවත්වී විද්‍යාවට නැඹුරු වෙනවා – ජනපති

    විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථේරවාද බුදුදහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ථේරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (23) පෙරවරුවේ මාතලේ…

    Read More

    විදුලිය බිඳ වැටීම් ගැන දැනුම්දෙන්න අලුත් ක්‍රමයක්

    යහපත් කාලගුණයත් සමඟ දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ. ඒ මීට පෙර විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් දැනුම්දීමට තිබූ 1987 ක්ෂණික දුරකථන අංකයේ ඇතිව තිබෙන කාර්ය බහුලත්වය හේතුවෙනි. ඒ අනුව පහත ක්‍රමවේදයන් අනුගමනය ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

    Read More

    කරාපිටිය ශික්ෂණ රෝහල තෙවැනි ජාතික රෝහල බවට පත්කෙරේ

    කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අද (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය. මේ වනවිට ලංකාවේ සංවර්ධිත ජාතික රෝහල් ලෙස ඇත්තේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් පමණි. ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක්…

    Read More

    දඹුල්ල කණ්ඩායමට නව හිමිකාරීත්වයක්

    එළඹෙන LPL තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් නිවේදනය කරයි. දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ප්‍රිමියර් ලීග් ඊයේ (22) කටයුතු කළ අතර, එහි හිමිකාරීත්වයේ වෙනසක් සමග මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වෙන බව අදාළ නිවේදනයේ දැක්වේ. LPL තරගාවලියේ විනිවිඳභාවය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීම…

    Read More