Headlines

    දිවයින පුරා වෙසක් කලාප 420ක්

    මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. දිවයින පුරා තොරණ 321කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බව වාර්තා වේ. සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ මෙවර ද විචිත්‍රවත්ව ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ. වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 5,000කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීම සඳහා සැලසුම්…

    Read More

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

    බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුන් පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සම්බුදු තෙමඟුල සැමරීම සඳහා මෙරට බෞද්ධ ජනතාව දැඩි උනන්දුවකින් පසුවේ.  වෙසක් පොහොය…

    Read More

    සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

    ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය. ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

    Read More

    උද්ධමනයේ වැඩිවීමක්

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී 2024 මාර්තු මාසයේ දී 5.0% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ දී…

    Read More

    ඉරාන ජනපතිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

    හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි මහතාගේ දේහය පිළිබඳ අවමංගල උත්සවය අදින් ආරම්භ වේ. ඉරාන – අසර්බයිජාන දේශ සීමාවේ වාරි ව්‍යාපෘතියක් විවෘත කිරීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටර් යානාව නැගෙනහිර අසර්බයිජාන ප්‍රාන්ත කඳුකර කලාපයේදී අනතුරකට ලක්වුණි. ජනාධිපතිවරයා ඇතුළුව එහි ගමන්ගත් පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු…

    Read More

    ඩයනා ගැන අධිකරණය CIDයට දුන් නියෝගය

    මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නීතිය අනුව නිසි පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ…

    Read More

    ජනපති රනිල් සහ ඉන්දුනීසියානු ජනපති අතර හමුවක්

    ඉන්දුනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා අතර නිල හමුවක් පවත්වා තිබේ. ඊයේ (20) පස්වරුවේ දෙරටේ රාජ්‍ය නායකයින් අතර මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙහිදී නායකයන් ප්‍රතිඥා…

    Read More

    ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

    Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බව වාර්තා වෙයි. පසුගිය මැයි 18 වනදා මුම්බායේ Jawaharlal Nehru Port Trust (JNPT) වෙතින් මෙම ඉන්ධන තොගය ශ්‍රී ලංකාවට නැව්ගත කර තිබේ. මෙම සමාරම්භක නැව්ගත කිරීම අමතමින්, ඉන්දියන් ඔයිල් හි අධ්‍යක්ෂ (අලෙවිකරණ) වී. සතිෂ් කුමාර් මහතා අදහස් දක්වමින්…

    Read More

    ලෝක ජල සමුළුව ඇමතූ ජනපති

    10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට එක්වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) එම සමුළුව ඇමතුවේය. ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් ලෙස ගණන් බලා ඇති බවත් දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10%ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර…

    Read More

    රුසියානු තානාපති ගැටලුව විසඳීමට කඩිනම් පියවර

    දැනට පුරප්පාඩුව පවතින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා විදේශ සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු තානාපති සේවයට යැවීමට රජය තීරණය කර තිබේ. නව තානාපතිවරයෙකු පත්කරන තෙක් මෙලෙස ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු එම තනතුර සඳහා පත් කිරීමට නියමිත බව වාර්තා වේ. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරියගේ කාලය අවසන් වීමත් සමග මේ දක්වාත් නව තානාපතිවරයෙකු පත් කිරීමට රජය පියවර ගෙන නොමැති…

    Read More