featureNews
අප්‍රේල් මාසයේ දී මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක්
අප්‍රේල් මාසයේ දී මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මාර්තු මාසයේ සියයට 62.05ක් ලෙස පැවති නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය පසුගිය මාසයේ දී සියයට 42ක් ලෙස වාර්තා වී තිබේ. ඒ අනුව, මාසය තුළදී නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් උපදර්ශක පහළ වැටීමෙහි ප්‍රතිඵලයක් ලෙස…
ඉරානය කලබල වෙයි – ජනපති ව සොයා විශේෂ මෙහෙයුමක්
ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. අධික මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශයකට එම යානය හදිසියේ ගොඩබා තිබුණි. කෙසේවෙතත්, ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටින ස්ථානයට මෙතෙක් කිසිවෙකුට ළඟාවීමට නොහැකිවී ඇති අතර ඔවුන්ව…
ඩයනා පාස්පෝට් එක භාරදෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවූ ඩයනා ගමගේ මහත්මිය සිය ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය තමන් වෙත භාරදුන් බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කළේය. ඒ පසුගියදා ඇයට ලබාදී තිබූ අධිකරණ නියෝගයට අනුවය. රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස කටයුතු කරමින් සිටි ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 08 වනදා තීන්දු…
පුත්තලමේ පාසල් හෙට වැසෙයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි දින පිළිබඳ තීරණය කර බව ඔහු දැනුම්දෙයි. වයඹ පළාත් ප්‍රධාන ලේකම් විසින් මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය දැනුවත් කර ඇත.
යුද හමුදාවේ 1,509කට උසස්වීම්
15 වන විජයග්‍රාහී සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම උසස්වීම් සිදුකර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරීන් 114ක් සහ සෙසුනිලයන් 1,395ක් ඔවුන්ගේ මීළඟ නිලය දක්වා උසස්වීම් ලබාදී ඇත. රණවිරු අනුස්මරණ දිනය යේදී තිබෙන අද (19) සිට බලපැවැත්වෙන පරිදි සියලුම රෙජිමේන්තුවල…
ජනාධිපති ඊලෝන් මස්ක් හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් ව හමුවී තිබේ. ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවවේ ඉහළ පෙළේ රැස්වීමක් අතරතුරදීය. එහිදී ශ්‍රී ලංකා තුළ Starlink ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඊලෝන් මස්ක් සමග සාකච්ඡා කර තිබේ. ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව…
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී එම උත්සවය පැවැත්වීය.
කාලගුණයෙන් රතු නිවේදනයක්
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (19) පෙ.ව 8.30 සිට එම නිවේදනය නිකුත් කර තිබේ. එම නිවේදයේ දැකවෙන්නේ, බස්නාහිර සහ වයඹ පාළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇතිවය හැකි බවය. එමෙන්ම සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ට…
නායයෑම් ගැන අලුත් අනතුරු ඇඟවීමක්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අධික වර්ෂාව, තද සුළං සහ නායයෑම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 11කට අයත් පුද්ගලයින් 47 දෙනෙකු පීඩාවට පත්වී ඇති අතර නිවාස 11කට අර්ධ හානි සිදුවී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය. රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 04කට හානි සිදුවී ඇති අතර පුද්ගලයින්…
වෙල්ලමුල්ලිවයික්කාල් සිහිකරමින් සැමරුමක් වැල්ලවත්තේදී
මෙරට යුද ගැටුම්වල තීරණාත්මක ස්ථානයක් වූ වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් වැල්ලවත්ත වෙරළ තීරයේදී පිරිසක් විසින් අද (18) උදෑසන සැමරුමක් සංවිධානය කර තිබුණි. එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් එම සැමරුමට විරෝධය පළකර තිබේ. එහිදී විරෝධය පළකළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.