featureNews
ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි ශ්‍රී ලංකා රජයට දැනුම්දෙයි
දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා රජය අර්ථාන්විත පියවර අනුගමනය කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඊයේ (17) වාර්තාවක් නිකුත් කරමින් දන්වා තිබේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, එම අපරාධ සඳහා රාජ්‍ය ආරක්ෂක අංශවල සහ අනුබද්ධ සන්නද්ධ කණ්ඩායම්වල…
බදු ගෙවීම් පැහැර හරින්නන්ට දැඩි නීති අනුගමනය කරන්නැයි කියයි
මෙරට බදු ගෙවීම පැහැර හරින මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ බදු අය කරගැනීම සඳහා නීතී තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. විද්වත් කථිකාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ, “බදු එකතු කිරීමේ යාන්ත්‍රණය නීති රීති වෙනස් කිරීමෙන් හෝ දැඩිව ක්‍රියාත්මක කළ…
ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අධික තීව්‍රතාවයක් සහිත වර්ෂාපතන තත්ත්වයන් සමඟ නගරාශ්‍රිතව ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානම ද අධික බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ. වර්ෂාවේ තීව්‍රතාවය හා ප්‍රමාණය මත ගංවතුර තත්ත්වයේ ප්‍රබලතාවය හා අවදානම රඳාපවතින බව වාරි මාර්ග…
ජනපති ඉන්දුනීසියාව බලා පිටත් වෙයි
ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දිවයිනෙන් පිටත්ව ගියේය. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව…
යුද ජයග්‍රහණයට වසර 15යි
ශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි. ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ…
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගැන දැඩි තීරණයක් ?
යුරෝපා සංගමය, මෙටා සමාගමේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල පිළිබඳව නිල විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ සමාජ මාධ්‍ය ජාලවල ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති නීති උල්ලංඝනය කර ඇති බවට මෙටා සමාගමට එල්ලවී ඇති චෝදනා මතය. ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා දරුවන් තුළ විවිධ ඇබ්බැහිවීම් නිර්මාණය වන බවත් ඉන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට…
රටම බලාසිටි රතුපස්වල නඩු තීන්දුව මෙන්න
ආන්දෝලනාත්මක රතුපස්වල වෙඩිතැබීමේ නඩුවේ විත්තිකරුවන් වූ හමුදා සාමාජිකයන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියෝග කළේය. ඒ, වසර 11කට වැඩි කාලයක් සිදුකෙරුණු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය. ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මඟින් පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින්, එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය නගරයේදී 2013 අගෝස්තු 01…
ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්
ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබාදෙන පොලී අනුපාතය ඉහළ නැංවීම පිළිබඳ කඩිනමින් සොයා වාර්තාවක් සකස් කිරීම සඳහා පත් කළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස් වූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන්…
කෘෂිකර්මාන්තයට මූල්‍ය සහාය සහ පුහුණුව දෙන්න රජය සූදානම් -ජනපති
කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්ථනයක් සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ වෙනුවෙන් බැංකු ණය ක්‍රමවේදයක් යෝජනා කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වේගා…
සචිත්‍ර ගේ කටහඬ පරීක්ෂණ වාර්තාව පමා වෙයි
මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට අදාළ පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය අද (17) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි. ඒ ඊට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය. එහිදී ක්‍රීඩා දුෂණ වැළැක්වීමේ…