featureNews
ස්මාර්ට් ෆෝන් නිසා දරුවන්ගේ සරසවි අධ්‍යාපනයත් කඩාකප්පල්වීමේ ප්‍රවණතාවයක්
ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හරහා ඇතැම් සිසුන් තම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පවා අතරමඟ නතර කර ඇති බව අනාවරණය වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය දේවිකා යසාංජලි ජයතිලක මහත්මිය සඳහන් කළේ දරුවන් ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් මව්පියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවය. ජංගම දුරකථනය ලබාදීම වෙනුවට සිදුකළ යුත්තේ දරුවන් ක්‍රීඩා සෞන්දර්ය සඳහා…
ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය ගැන ගම්මන්පිල ගෙන් චෝදනාවක්
ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කරයි. අමෙරිකාවේ විදේශ කටයුතු පිළිබඳ සෙනට් කාරක සභාවේ සභිකයින් එළිසබෙත් හොස්ට් මහත්මියට යොමුකළ ප්‍රශ්නවලට ඇය ලබාදුන් පිළිතුරු රටට අහිතකර තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. ඇය සෙනට් කාරක සභාවේ සභිකයින් විසින් සිදුකළ විමසීම්…
සා/පෙළ භූගෝල විද්‍යා පේපරය ගැනත් පරීක්ෂණයක්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටසක් සිසුන් පිරිසකට ලබානොදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මිනුවන්ගොඩ අල්අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබු අදාළ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති බව සඳහන් ය. එම ප්‍රශ්න පත්‍රය සඳහා මුහුණ දුන් කිසිදු අපේක්ෂකයෙකුට ආසාධාරණයක්…
සා/පෙළ අසාධාරණවලට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයේ විභාග ශාලාවකදී විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුට තම ප්‍රශ්න පත්‍රය අයෙකු ලවා කියවා ලබාදෙන පිළිතුර ලිවීමට අවසර ලබාදී තිබියදී ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය දෙවැනි කොටස සඳහා එම පහසුකම අවහිර කළ බවට චෝදනා කරමින් අද (16) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි. එමෙන්ම, කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයේ විභාග ශාලාවකදී ද විශේෂ…
ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත් කෙරෙයි
ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික) විශේෂ ශ්‍රේණිධාරියෙකු බවය. ඒ අනුව පනත ප්‍රකාරව ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියතට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම ඔහුගේ රාජකාරී…
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන රජයේ ස්ථාවරය
මෙම වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සත්ත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමග ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඊයේ (15) පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව කියා…
මෙරට අන්තර්ජාල ළමා අපයෝජන ඉහළ යන බව අමෙරිකාව පෙන්වයි
මෙරට බාලවයස්කාර දරු දැරියන් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයට ලක්වීම ඉහළයෑම සම්බන්ධයෙන් අමෙරිකානු ආයතනයක් ශ්‍රී ලංකාවට දැනුම්දීමක් කර තිබේ. එම වාර්තා පදනම් කරගනිමින් අධිකරණයට ගිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවය. කෙසේ වෙතත්, අන්තර්ජාලය හරහා දරුවන්ගේ නිරුවත් ඡායාරූප භාවිත කරමින් ඔවුන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම් සම්බන්ධයෙන් මේ වසරේ පළමු මාස තුනේදී පමණක් ජාතික ළමා…
ඕනෑම අයෙකු සමග සාකච්ඡා කිරීමට සූදානම් – ජනපති
සාකච්ඡා කිරීමට සූදානම් ඕනෑම අයෙකු සමග තමන් සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමග අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති හමුවකදීය. එසේම ඉදිරි ජනාධිපතිවරණයට තරගකරන්නේදැයි මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ජනපති පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි යන්න පිළිබඳව සමාජයේ පවතින ප්‍රශ්නය එලෙසම…
විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනා ලබාදීමට ලංවිම උපයෝගීතා කොමිසමෙන් කල් ඉල්ලයි
විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා සිය කොමිසම වෙත ඉදිරිපත් කිරීමට හෙට (17) දිනය දක්වා කාලය ලබාදෙන ලෙස දන්වමින් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම යෝජනා මැයි පළමු වැනිදා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබුණ ද විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත එම කාලය පසුගිය 10 වන දින දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා…
සාමාන්‍ය පෙළ ලියන දරුවන්ට නිදහස් ලකුණු දෙකක්
පැමිණිලි ලැබුණු අ.පො.ස (සා.පෙළ) විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 09 සහ 39 ප්‍රශ්න සඳහා එලෙස නිදහස් ලකුණු දෙක ලබාදීමට තීරණය කර බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.