featureNews
බිලියන 35ක් රටට අහිමි කළ පාවහන් ජාවාරම
විදෙස් රටවල නිෂ්පාදිත පාවහන් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ආනයනය කර අලෙවි කිරීමේ මහාපරිමාණ ජාවාරමක් සම්බන්ධවෙන් තොරතුරු අනාවරණය වී තිබේ. නියමිත බදු ගෙවීමකින් තොරව ඇතැම් රේගු නිලධාරීන් හා සම්බන්ධවෙමින් ඔවුන් එම ජාවාරමේ නිරතව ඇති බව සඳහන්ය. විදෙස් රටකින් මෙරටට ආනයනය කරන ලද පාවහන් යුගලයක් සඳහා අවම වශයෙන් රුපියල් 2,000ක බදු මුදලක් අයකරනු ලබයි. දේශීයව නිපදවන පාවහන්…
ජනපතිගේ පාලනය ගැන මහින්දගෙන් දැඩි තීරණයක්
රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පෙන්වා දෙයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන…
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල වර්ධනයක්
මේ වසරේ ගතවු පළමු මාස 4 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. අප්‍රේල් මාසයේදී පමණක් විදෙස් ශ්‍රමිකයින් ඩොලර් මිලියන 543ක් පමණ මුදලක් මෙරටට යොමුකර ඇති බව එම අමාත්‍යංශය පැවසීය. පසුගිය වසරේ මුල් මාස හතර හා සන්සන්දනය කරන…
අද මිලිමීටර් 100 ඉක්මවූ වැස්සක්
අද (12) දිනයේ බොහෝ පළාත්වල සවස් කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි හටගෙන තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වනවිට ගම්පහ ප්‍රදේශයෙන් මිලිමීටර් 101ක වර්ෂාපතනයක්, වතුපිටිවල ආශ්‍රිතව මිලිමීටර් 98.5ක වර්ෂාපතනයක්, පලාබද්දල ප්‍රදේශය ආශ්‍රිතව මිලිමීටර් 81.5ක වර්ෂාපතනයක් වාර්තාවී ඇති බවය. අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 වඩා වැඩි…
සා/පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයෙත් ගැටලුවක්
සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පසුගියදා පැවති විද්‍යා විෂයට අයත් ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලසුමට පරිබාහිරව සකස්කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මන්ත්‍රිවරයා චෝදනා කරයි. මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ විද්‍යා විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න තුනකට සහ රචනා ප්‍රශ්න තුනක කොටස් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සැලැස්මෙන් බාහිරව ප්‍රශ්න පත්‍රය සකස් කර ඇති බවය. …
චර්ම රෝග වැඩි වෙයි
උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග මේ දිනවල චර්ම රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පැවසුවාය. ඇය පෙන්වාදෙන්නේ ඇතැම් චර්ම රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අනිවාර්යය බවය. “ඇඳුම්වලින් ආවරණය නොවූ ස්ථාන මත දැඩි හිරු රැස් පතිතවීම නිසා ඒ නැත්වල සමේ කැසීමක් සහිත ලප ඇතිවෙන්නේ පුළුවන්. කුඩා…
ආර්ථික පරිවර්තන පනතට ජනපති සහාය ඉල්ලයි
ආර්ථික ස්ථායිතාව වෙනුවෙන් රජය ගෙන එන ආර්ථික පරිවර්තන පනතට සහාය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටී. ඒ, ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලිය ගහ මන්දිර පරිශ්‍රයේ පැවති සැමරුම් උත්සවයේදීය. එහිදී වැඩිදුරටතත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “අපේ බලාපොරොත්තුව එන අවුරුද්දේ අවම අවශයෙන් 3%ක වර්ධන වේගයක් ඇති වෙයි කියලා. එහෙනම් 3%ක…
මෛත්‍රී පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් වෙයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මේ වනවිට කෝට්ටේදී පැවැත්වෙන එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වී ඇත්තේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ සභාපති ධුරයට පත් කිරීමටය.
විභාගය අතරතුර ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් දැමූ ගුරුවරයා අත්අඩංගුවට
මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන ඒකකය විසින් අද (12) එම සැකකරු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අදාළ වට්ස්ඇප් සමූහයේ සාමාජිකයින් 1,025 දෙනකු සිටින බවටද මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ. අධ්‍යයන පොදු…
රුසියා – යුක්‍රේන යුද්ධය මැද තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මිය ගිහින්
රුසියානු – යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන්ට එක්වී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ කොට්ඨාසය ඒ බව පවසයි. මේ අතර රුසියාවට ගිය තවත් විශ්‍රාමික සෙබළුන් දෙදෙනකු අතුරුදන්වී ඇති බවට අද (11) වාර්තා විය. ඥාතීන් පවසන්නේ, මාර්තු 29 වනදා සිට ඔවුන්ගෙන් කිසිදු…