Headlines

    ඔලිම්පික් ඉතිහාසය අලුත් කළ ශ්‍රී ලාංකිකයා

    ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් ට අවස්ථාව උදාවී තිබේ. මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව පැරිස් නුවර වෙත රැගෙන ආ අතර ඊට පුද්ගලයින් 10,000ක් සම්බන්ධ කර ගැනුණි. ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් මහතාට අවස්ථාව උදාවී ඇති අතර, ඔහු ඉතිහාසගත වන්නේ ඔලිම්පික්…

    Read More

    මෙරට රන් මිලේ වෙනසක්

    මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 177,600ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (10) දිනයේ දී එය සටහන් වූයේ රුපියල් 175,700ක් ලෙසය. මේ අතර ඊයේ රුපියල් 191,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද…

    Read More

    ඇන්ඩර්සන් ට දොර වැසෙයි

    ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටින වේගපන්දු යවන්නා වන එංගලන්ත කණ්ඩායමේ ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් පිටියට සමූදීමට සැරසෙන බව වාර්තා වෙයි. ඔහු ටෙස්ට් තරග 187කදී කඩුලු 700ක් දවාගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එළඹෙන ටෙස්ට් තරගාවලි සඳහා එංගලන්තය නවක, තරුණ වේගපන්දු යවන්නන් කෙරෙහි අවධානය යොමුකිරීමට තීරණය කර ඇති බවය. ඒ බව එංගලන්ත පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම්…

    Read More

    මහ බැංකු අධිපති සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

    මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ. අමෙරිකානු තානාපති කාර්යාලයේ දී ඊයේ (10) මෙම හමුව සිදුව ඇති බව සඳහන් වේ. එක්ස් සමාජ මධ්‍යයේ ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු තානාපතිවරිය පවසා ඇත්තේ එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ…

    Read More

    ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත ගැන තීරණයක්

    ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට බිලියන 80ක් පමණ මුදලක් අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් මුදල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක් ණයක් ගෙවීමට ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා…

    Read More

    අමෙරිකාවේ ප්‍රබලයෙක් ඉන්දු – ලංකා සංචාරයක

    දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (10) ඉන්දියාවට පැමිණීමට නියමිතය. අද සිට 15 වනදා දක්වා දකුණු ආසියානු කලාපය තුළ රැ‍ඳී සිටින ඔහු ඉන්දියාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ද පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඔහුගේ සංචාරයේ අරමුණ එක් එක් රටවල් සමග ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරගැනීමය. ඔහුගේ…

    Read More

    සුඛෝපභෝගී වාහන නඩුව ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

    ති සුඛෝපභෝගී BMW වර්ගයේ වාහන 1,728ක් තීරුබදු රහිත බලපත්‍ර යටතේ ආනයන කිරීමේදී රුපියල් බිලියන16ක බදු මුදලක් රජයට අහිමි කිරීම සම්බන්ධයෙන් යළිත් විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නැයි අභියාචනාධිකරණය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබේ. ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන සමාගම, විමර්ශන අත්හිටුවන නියෝගයක් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමට අදාළ නඩුව ඊයේ (09) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය. අදාළ…

    Read More

    මහ දවාලේ හෝමාගම ටවුමේ සිදුකළ රන් භාණ්ඩ කොල්ලය

    හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයක් වෙත පිස්තෝලයක් අතැතිව ආ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ආයතනයේ තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පළා ගොස් තිබේ. අද (10) පෙරවරු 11.45ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, එහිදී යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු අතරින් දෙදෙනෙක් අලෙවි සැලට ඇතුළු වන අයුරු එහි තිබූ CCTV කැමරාවේ සටහන්ව තිබිණි. ඔවුන්…

    Read More

    අද හවසට පළාත් කිහිපයකට මි. මී 100 ඉක්මවූ වැසි

    අද (10) සවස 2න් පසුව දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී තැනින් තැන…

    Read More

    සබරගමු සරසවියේ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේ දී හෙළිවෙයි

    සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ. ඒ අනුව එම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂාකර බලා කඩිනමින් වාර්තාවක් සකස් කර ලබා දෙන ලෙස එම කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරියට නිර්දේශ කර ඇත. එම ලබාදෙන වාර්තාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව කෝප්…

    Read More