Headlines

    මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්

    ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමෙන් පසුව ද්වි පාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉහළ සහායක් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකි වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.  තිරසාර ස්ථාවරත්වය නමින් මහ බැංකුවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.  ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කළ තිරසාර ස්ථාවරත්වය නම් සංවාදාත්මක වැඩසටහන ඊයේ (09) පැවැත්වුණේ මහ බැංකු…

    Read More

    සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන පැමිණිලි

    මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක සහ හසලක ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක මෙම අක්‍රමිකතාවන් සිදුවී ඇති බව සඳහන් ය. විභාග අපේක්ෂකයින් විසින් ජංගම දුරකථන සූක්ෂම ලෙස භාවිත කරමින් ඊයේ…

    Read More

    අර්බුද සමයේ ඉන්ධන අතුරුදන් වූ අයුරු සොයයි

    ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් අර්බුද සමයේ පිටතට රැගෙන ගිය ඇතැම් ඉන්ධන තොග අතුරුදන් වී ඇති බවට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. එම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන් කැඳවා සිදුකළ ප්‍රශ්න කිරිමේදී මේ පිළිබඳ අනාවරණය වී ඇති බව එම කාරක සභාවේ සභාපති…

    Read More

    සියල්ල අවසානයේ ඩයනා කළ හෙළිදරව්ව

    පාර්ලිමේන්තු අසුන අහිමි වූ ඩයනා ගමගේ මහත්මිය අද (09) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීන්දු කළේය. මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර…

    Read More

    විදුලිබල පනත් කෙටුම්පත ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද (09) ආරම්භ විය. විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙයි. පෙත්සම් විභාගය ආරම්භයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී…

    Read More

    උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවයි

    පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයට සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ඒ අනුව 2024.05.03 දින පස්වරු 4 සිට 2024.05.17 වනදා මධ්‍යම රාත්‍රී 12 තෙක් www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව පවතී. වැඩි විස්තර පහතින්,

    Read More

    මධ්‍යම පරිසර අධිකාරිය නීතිවිරෝධී ලන්ච් ෂීට් ගබඩාවක් වටලයි

    කැස්බෑව සහ බෙල්ලන්විල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් නීතිවිරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග ඒකාබද්ධව ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇත. මෙහිදී කිලෝග්‍රෑම් 1,625ක පමණ නීති විරෝධී “පොලිතීන් ඇතුළු ලන්ච් ෂීට්” තොගයක් සොයාගෙන තිබේ. ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ අදාළ කර්මාන්ත…

    Read More

    විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

    එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (09) නිවේදනය කළේය. එම සංචිතය පහතින්, වනිදු හසරංග (නායක)චරිත් අසලංක (උපනායක)කුසල් මෙන්ඩිස්පැතුම් නිස්සංකසදීර සමරවික්‍රමඇන්ජලෝ මැතිව්ස්කමිදු මෙන්ඩිස්දසුන් ශාකකධනංජය ද සිල්වාමහීෂ් තීක්ෂණදුනිත් වෙල්ලාලගේදුෂ්මන්ත චමීරනුවන් තුෂාරමතීෂ පතිරණඩිල්ෂාන් මදුශංක කණ්ඩායම සමග එක්වීමට නියමිත අතිරේක සංචිතය වන්නේ, අසිත ප්‍රනාන්දුවිජයකාන්ත් වියස්කාන්ත්භානුක රාජපක්ෂජනිත්…

    Read More

    NMRA හිටපු CEO රිමාන්ඩ්

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අද පෙරවරුවේ රැගෙනවිත් තිබුණි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව ඊයේ (08) අත්අඩංගුවට ගැනුණි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැය 10කට ආසන්න…

    Read More

    මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය. එහිදී නඩුවට අදාළ…

    Read More