featureNews
වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයෝ
වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර තිබේ. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරිම හේතුවෙන් එම කාලය තුළ අවුරුදු 60න් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරුබදු…
ඉදිකෙරෙන මධ්‍යම අධිවේගයේ ආධාරකයක් කඩාවැටෙයි
ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටී තිබේ. මෙලෙස කඩාවැටී ඇත්තේ බෙම්මුල්ල කඳඔළුවාව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ආධාරක කොටසකි. ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ පස්වරුවේ මෙම කොන්ක්‍රීට් ආධාරකය කඩා වැටී ඇති බවය.
සහල් ඉල්ලා ග්‍රාමනිලධාරිනියගේ කන පළයි
සහනාධාර සහල් ලබානොදුන් බව පවසමින් ග්‍රාම නිලධාරිනියකට පහරදුන් බව කියන කාන්තාවක් කළුතර උතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර උතුර පොලිසියට ලද පැමිණිල්ලක් මත 28 හැවිරිදි අදාළ කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අංක 711 පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරි වසමේ වැඩබලන ග්‍රාම නිලධාරිනිය ලෙස කටයුතු කළ පනාපිටිය උතුර ග්‍රාම නිලධාරිනිය මෙලෙස පහරකෑමට ලක්ව ඇති…
බ්‍රසීලයේ ආපදා මරණ තවත් ඉහළට
දකුණුදිග බ්‍රසීලයට හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පුද්ගලයින් 74 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රදේශයට බලපෑ දරුණු කුණාටු තත්ත්වයත් සමග ඇති වූ ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් එම ආපදා තත්ත්වය හටගෙන ඇත. ඒ හේතුවෙන් පුද්ගලයින්…
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ට සුබ ආරංචියක්
ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පුමුඛත්වය ලබාදීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය පවසයි. නව තරග ගාස්තු අනුව එක් එක් ක්‍රීඩකයාගේ තරග කොන්ත්‍රාත්තුව මත පදනම්ව මෙම ගාස්තු ඉහළ නැංවීම සිදුකර ඇති බව සඳහන්…
ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය
අද (05) අලුයම සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් ඝාතනයක් සිදුකර ඇති බව වාර්තා වෙයි. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව ඝාතනය කර ඇති බව පානදුර උතුර පොලීසිය කීය. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, පරත්ත පාරේ පදිංචිව සිටි 17 හැවිරිදි අයෙකු බව පොලීසිය පවසයි. පහරදීම සිදුකර ඇති තරුණයා අත්අඩංගුවට ගෙන ඇති…
2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබේ. නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 49,312 දෙනෙකු අයදුම් කර ඇති අතර පිළිතුරුපත්‍ර 250,311ක් නැවත සමීක්ෂණයට ලක්කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල ලබා ගත හැකිය. මේ අතර 2023 අධ්‍යයන…
ජනපති සහ ජපාන විදේශ අමාත්‍යවරිය අතර හමුවක්
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය වන යෝකෝ කමිකාවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවී තිබේ. ඒ, අද (04) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. එහිදී සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය, මෙරට ආර්ථිකය
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ නිවේදනයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අද (04) දිනයේ විවෘත කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන්කළේ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල අද පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බවය. මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත්…
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන හිටපු ජනාධිපති කී දේ
ඉදිරි ජනාධිපතිවරණය සඳහා දිනන අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (03) කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා තම පක්ෂයේ සහාය මේවන තෙක් ඉල්ලා නොමැති බවද ඔහු එහිදී සඳහන් කළේ ය. මේ අතර…