Headlines

    ජනපතිට සහාය දෙන බව ලොහාන් රත්වත්තේ කියයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උපරීම සහයෝගය ලබාදෙන බව අද (04) ප්‍රකාශ කළේය.  වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මේ බව සඳහන් කළේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී…

    Read More

    අධික උෂ්ණත්වය නිසා ආසියානු කලාපයේ සිදුවන විපර්යාස

    ආසියානු කලාපයේ රටවලට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් නැගෙනහිර ඉන්දීය ජනතාවට දරුණු ජල හිඟයකට මුහුණ දීමට සිදුවී තිබේ. ගෙවුණු අප්‍රේල් මාසය වාර්තා අතරට එක් වී ඇත්තේ නැගෙනහිර ඉන්දියාවෙන් 1901 වසරෙන් පසුව වාර්තා වූ වඩාත්ම උණුසුම් අප්‍රේල් මාසය ලෙසය. ඉන්දියාවට බලපා ඇති මේ තාප තරංග කාලගුණ නිසා මේ වනවිට පුද්ගල මරණ 9ක්ද වාර්තා වී තිබේ. බංග්ලාදේශයටත්…

    Read More

    පාස්කු විමර්ශන යටපත් කිරීම ගැන කාදිනල් හිමිගෙන් හෙළිදරව්වක්

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත් ඉහළ මට්ටමකින් ඉදිරියට ගෙනයන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසා තිබේ. උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට ප්‍රතිචාර දක්වමිනි. පාස්කු…

    Read More

    අවාරයේ සිරිපා කරුණාව දේශීය සංචාරකයන්ට තහනම්

    අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට සීමා කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී පාදස්ථානයට ඇතුළුවීමට ඇති කිසිඳු මාර්ගයකින් දේශීය සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කෙරෙනු ඇති. ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 වනදායින් අවසන් වීමට නියමිතය. ඒ අනුව ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ…

    Read More

    සඳේ අඳුරු කලාපයේ සාම්පල ගේන්න චීනය යයි

    සඳේ දුරස්ථ කලාපවල එනම් සඳේ අඳුරු කලාපය ලෙස හඳුන්වන පෘථිවියට නොපෙනෙන කලාපවල සාම්පල රැස් කිරීමේ අරමුණින් චීනය නව මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ වෙනුවෙන් සැකසූ මිනිසුන් රහිත චැන්ග් යී සික්ස් යානය රැගත් Long March-5 Y8 රොකට්ටුව අභ්‍යාවකාශ ගත කෙරුණේ වෙන්ග්චැන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙනි. දින 53ක් පුරා දියත් කෙරෙන මෙහෙයුමෙන් සඳේ දුරස්ථ කලාපවල සාම්පල කිලෝග්‍රෑම් 2කට ආසන්න…

    Read More

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අපරාජිතව ඉදිරියට

    2024 කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (03) සමත් විය. ඒ තරගාවලියේ පළමු වටය යටතේ තමන් සහභාගී වූ අවසන් තරගයේදී අමෙරිකා කණ්ඩායම පරාජය කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දිමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා…

    Read More

    ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවත් ඉහළට

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී “වැඩි අවධානය” යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම, “වැඩි අවධානය යොමු කළයුතු” මට්ටමක පැවතිය හැකි බව අපේක්ෂා කරන බව සඳහන් වේ. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල…

    Read More

    ගෑස් මිල පහල බසියි.

    අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ගෑස් මිල ගණන් ද අඩු කර තිබේ. ඒ අනුව 12.5kg ලාෆ්ස්ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර ඇත.  එහි නව මිල රුපියල් 3,840කි. 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර  ඇති අතර එහි නව මිල 1,542කි. රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල…

    Read More

    සුප්‍රකට ඇපල් සමාගමේ අලෙවිය පහත වැටෙයි

    අමෙරිකාවේ සුප්‍රකට ඇපල් සමාගම වසරකට වැඩි කාලයක් තුළදී සිදුවූ විශාලතම අලෙවි පහත වැටීම වාර්තා කර ඇත. මෙම වසරේ පළමු මාස 03 තුළ එහි අලෙවිය සියයට 4කින් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 91ක් දක්වා පහත වැටී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. අයිෆෝන් අලෙවිය සියයට 10කින් පහත වැටී ඇති අතර එය සමාගමේ සමස්ත අලෙවිය පහත වැටීමට බලපා තිබේ….

    Read More

    කොත්තු, රයිස් මිලේ වෙනසක්

    ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බව එම සංගමයේ සභාපති, හර්ශන රුක්ෂාන් මහතා පැවසීය. මේ අතර කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර තිබේ. ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු…

    Read More