Headlines

    ව්‍යාජ දුරකථන ඇමතුම් ගැන PHI සංගමයෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව පවසමින් ව්‍යාපාරිකයින්ට දුරකථන ඇමතුම් ලබා දී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් පැමිණිලි ලැබී ඇති බවය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව පවසමින් දුරකථන ඇමතුම් ලබාදෙන පුද්ගලයින්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස…

    Read More

    කම්කරු වැටුප් වැඩිකළ නොහැකි බව වතු සමාගම් කියයි

    වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවන ලෙස රජය ප්‍රකාශයට පත් කළ ද මේ අවස්ථාවේ එය ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේ, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් වැටුප් ඉහළ නැංවීම දුෂ්කර වී ඇති බවය.  කෙසේවෙතත් පඩි පාලක සභාවේ අනුමැතියට යටත්ව කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ ජයසුන්දර මහතා විසින් වතු…

    Read More

    මෙරට නිල සංචිත ඩොලර් බිලියන 5 දක්වා වැඩිවෙයි

    මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, පසුගිය මාර්තු මාසය වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවය. දළ නිල සංචිත ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශීය විනිමය වෙළෙඳපලෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය…

    Read More

    රජයේ විධායක නිලධාරීන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක

    හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ. ඒ, වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමිනි.  ඊට සමගාමීව හෙට දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙන බව එම සංගමය පවසයි. රජයේ දීපව්‍යාප්ත සේවාවලට සහ සමාන්තර දෙපාර්තමේන්තු ගත…

    Read More

    මේ නැකැත් දෙක මතක තියාගන්න – ජනපති

    ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් තියෙන්නේ රටටයි එක්සත් ජාතික පක්ෂයටයි. ඒකයි මේ වැටුණු රට අපිට උස්සන්න පුළුවන් වුණේ. රට වැටුණු වෙලාවේ විපක්ෂ නායක විතරක් නෙමෙයි… හැම පක්ෂයම දුවලා…

    Read More

    අසාම් අමීන් ව බීබීසීයෙන් ඉවත් කිරීම ගැන කම්කරු විනිශ්චය සභාව දුන් තීන්දුව

    බීබීසී පුවත් සේවයේ මෙරට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බීබීසී) ගත් තීරණය ‘අසාධාරණ සහ යුක්ති සහගත නොවන’ බව ශ්‍රී ලංකා කම්කරු විනිශ්චය සභාව තීන්දු කර තිබේ. අප්‍රේල් 26 වනදා අදාළ නියෝගය ප්‍රකාශයට පත්කරමින් කම්කරු විනිශ්චය සභාව පෙන්වා දුන්නේ බීබීසී පුවත් සේවයේ, විශේෂයෙන් බීබීසී නියෝජිත ඉයන්…

    Read More

    රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරුම අද

    මෙරට දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31වන ගුණ සැමරුම අදට (01) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ අලුත්කඩේ උසාවිය අසල ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියසදී පැවැත්වුණි. 1993 වසරේ මැයි 01 වනදා එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානකර තිබූ මැයි දින ‍පෙළපාළියට එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස…

    Read More

    සිමෙන්ති මිලේ වෙනසක්

    අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට තීරණය කර තිබේ. එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 වනු ඇති බවය.

    Read More

    සයිනොපෙක් මිලත් වෙනස්වෙයි – සංශෝධිත මිල ගණන් මෙන්න

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ගණන්ද පහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 365කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව රුපියල් 420කි. එසේම රුපියල් 27කින් ඔටෝ…

    Read More

    ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක – ජනපති

    ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වනවිට ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සිය කම්කරු දින පණිවිඩයෙන් ඔහු පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයෑමේ වගකීම සියලුදෙනාටම පැවරෙන බවය. සමූහිකත්වයෙන් යුතුව වැඩකිරීම මගින් එය ජයගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති…

    Read More