Headlines

    ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

    1886 වසරේ මැයි මස 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්ව තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් දින කිහිපයක් පුරා විරෝධතාවල නිරත වු කම්කරුවන් ඉලක්කරකරමින් එල්ල වූ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියයෑම සිහිපත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සිදුකරයි. කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ 1889 වසරේදී මැයි මස පළමුවන දින ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින්…

    Read More

    ජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්

    අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. වත්මන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගනු ලැබූ තීරණයට එරෙහිව නීතිඥවරයෙකු විසින්…

    Read More

    කොළඹ උද්ධමනය වැඩි වෙයි

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9 හි සිට 2024 අප්‍රේල් මාසයේ දී 1.5% ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 මාර්තු මාසයේ වාර්තා වූ 3.8% සිට 2024 අප්‍රේල් මාසයේදී 2.9% ක් දක්වා පහළ ගොස් ඇත. ආහාර නොවන කාණ්ඩය 2024…

    Read More

    නැගෙනහිර ලන්ඩනයේ හදිසි තත්ත්වයක්

    කඩුවකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් නැගෙනහිර ලන්ඩනයේ කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි. ඉන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් ය.        මේ හේතුවෙන් Hainault දුම්රිය ස්ථානය වසා දමා තිබේ. තුවාල ලැබුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද වෙයි

    Read More

    හූති කැරළිකරුවන් නැවතත් ත්‍රාසය පතුරුවයි

    ඉන්දීය සාගරයේ සහ රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ නෞකා හතරකට යේමනයේ හූති කැරළිකරුවන් විසින් ප්‍රහාර එල්ලකොට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය සාගරයේ යාත්‍රා කරමින් තිබූ MSC Orion නම් බහාලුම් ප්‍රවාහන නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර තිබුණි. හූති කැරළිකරුවන් පවසන්නේ ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාර සඳහා ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය හා සම්බන්ධතා ඇති යාත්‍රා සඳහා ඔවුන්…

    Read More

    යාචකයන් පිළිබදව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

    මාර්ග සංඥා අසළ මාර්ගයේ සිඟමනේ යෙදෙන යාචකයින්ට මුදල් දීමෙන් වළකින ලෙස රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඒ බව සඳහන් කළේය. සිඟමන් යදින පිරිස් සඳහා මුදල් ලබාදීමෙන් වැළැකී සිටියහොත් ඔවුන් එම ස්ථානයන් වෙත නොපැමිණෙන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.

    Read More

    ගුවන්තොටුපොළේදී වැරදීමකින් පිටවූ වෙඩිල්ල

    කටුනායක ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය ආසන්නයේ සේවයේ යෙදී සිටි ගුවන් භටයෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. අද (30) උදෑසන 10ත් 11ත් අතර කාලයේදී සිදුවූ එම සිදුවීමෙන් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව ඔහු පැවසීය. “එම ගුවන් භටයා විවේක ගන්නා ස්ථානයකට ගොස් වතුර…

    Read More

    හැරී පොටර් මන්දිරයට ප්‍රහාරයක්

    යුක්‍රේනයේ ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් ඊට දැඩි හානි සිදුව තිබේ. ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර තිබේ.

    Read More

    විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන අවසරය දීර්ඝ කිරීමට විරෝධයක්

    විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසයි. ඒ සම්බන්ධයෙන් පූර්ණ විශ්ලේෂණයක් සිදුකර සති දෙකක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එම විශ්ලේෂණය ලැබෙන තුරු බලපත්‍ර ලබාදීමේ…

    Read More

    මැතිවරණ කොමිසමෙන් ජනතාවට දැනුම්දීමක්

    ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසීමක් කරන ලෙස දැනුම් දී ඇත. එසේ නොමැති නම්  http://ec.lk/vrd යන වෙබ් අඩවියට පිවිස තමාගේ විස්තර නිවැරදිව ඇත්දැයි පරීක්ෂා කළ හැකිය.

    Read More