featureNews
CID නිලධාරීන් ලෙස පෙනී සිට රු කෝටියක අල්ලස් ගත් පිරිසක් අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත අදාළ සැකකරුවන්ව ඊයේ (29) සවස 3.30ට පමණ කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. කොල්ලුපිටියේ පිහිටි නිවසක් පරීක්ෂාකර පැමිණිලිකරුට අයත් රුපියල් 12,000,000ක් හා…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (29) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද…
කොළඹ මැයි රැළි පැවැත්වෙන්නේ මෙහෙමයි
ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. එම මාර්ග සිතියම් පහතින්. සිතියම by poornima on Scribd
ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වෙයි
රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසුවිය.
පාඨලීව CIDයට කැඳවයි
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාව හෙට (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. ඒ රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක දී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.
EPF පොලිය ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්
සේවක අර්ථ සාධක අරමුදල සඳහා පොලිය වැඩිකිරීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් නව තීරණයක් ගෙන තිබේ. එහි දැක්වෙන්නේ, “2023.12.31 වන දිනට පවතින සේවක අර්ථසාධක අරමුදලේ ශේෂය සඳහා සියයට 13ක පොලී අනුපාතයක් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය අනුමැතිය” ලබා දුන් බවය.
ටයිටැනික් මතකය අලුත් කළ රන් ඔරලෝසුව
සිය මංගල මුහුදු ගමන අතරතුරදී අනතුරට ලක්ව ගිලි ගිය ටයිටැනික් නෞකාව තවමත් විවිධ පුවත් මවයි. එම නෞකාව එංගලන්තයේ සවුතැම්ප්ටන් සිට අමෙරිකාවේ නිව් යෝර්ක් දක්වා ගමන් කරමින් සිටියදී 1912 අප්‍රේල් 12 වනදා උතුරු අත්ලාන්තික් මුහුදේදී අයිස් කුට්ටියක ගැටී ගිලී ගියේය. ඉන් මගීන් 1,500ක් පමණ ජීවිතක්ෂයට පත්විය. එම නෞකාවේ ගමන් කරමින් සිදී ධනවත්ම මගියා වූයේ ජෝන් ජේකොබ්…
ලංකාවේ සියයට 10කට වකුගඩු රෝග
මෙරට ජනගහනයෙන් සියයට 10ක් පමණ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පවසයි. දියවැඩියාව වැළදීම මෙරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකය බව විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා සඳහන් කළේය. “අපේ රටේ 10% විතර කිසියම් හෝ වකුගඩු රෝගයෙක් සිටිනවා. ඇත්තටම මේ සඳහා විවිධ…
මතීෂට කඩුලු දෙකක් එක්කර දෙමින් චෙන්නායි කණ්ඩායමට තවත් ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 78ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්ව තිබේ. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 212ක් ලබා ගත්තේය. එහිදී නායක, Ruturaj Gaikwad ලකුණු 98ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් සන්රයිසස්…
ශ්‍රම බළකාය පහළ ගොස් ඇති බවට අනාවරණයක්
පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබේ. ඒ අනුව 2022 වසරේ දී මිලියන 8.54ක් වූ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය පසුගිය වසරේ දී වසරේ දී මිලියන 8.40ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. ශ්‍රම බළකාය සහ කුටුම්බ ජනගහනය අතර අනුපාතය…