featureNews
පාකිස්තානයෙන් ආ යාත්‍රාවේ කෝටි ගණනක මත්ද්‍රව්‍ය
පාකිස්තානයේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබු ඉන්දියානු රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. “අල් රාසා” නැමති යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කර ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 86ක් පමණ වන…
හමුදා පොදු සමාව ගැන ඉල්ලීමක්
නීතියානුකූල ලෙස නිවාඩු ගෙන සේවයට වාර්තා කර නොමැති ත්‍රිවිධ හමුදාව සඳහා ලබා දී ඇති පොදු සමා කාලය වෛද්‍ය අංශයේ නිරත රණවිරුවන් සඳහා ද ලබාදීමට කටයුතු කළ යුතු බව එක්සත් රණවිරු ප්‍රජාව පවසයි. එම සංගමයේ කැඳවුම්කරු අසේල ධර්මසිංහ මහතා පැවසුවේ, වෛද්‍ය අංශයේ සේවයේ නිරත රණවිරුවෙකුගේ මාසික වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවන බවය. “යුද හමුදා රණවිරුවන්ට පොදු සමාව…
EPF ගැන රජය හදිසියේම තීරණයක් ගනී
සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, “සේවක අර්ථසාධක අරමුදල අපේ රටේ තියෙන දැවැන්තම අරමුදල, ලක්ෂ 27ක් සාමාජිකයෝ…
කොරියාවේ පදිංචියට යන පුවත ගැන මෛත්‍රීගෙන් ප්‍රකාශයක්
තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමන්ට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිදු රටක පදිංචියට යාමට අවශ්‍යතාවක් නොමැති බවය. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවය….
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙවන ජයත් වාර්තා කරයි
20යි 20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලකුණු 94ක් ලබාගත්තේය. පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරී කඩුලු 04ක්, ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 03ක් සහ සුගන්ධිකා…
මූල්‍ය වංචාවකට නළුවෙකු අත්අඩංගුවට
ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන සාහිල් ඛාන්ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔට්ටු ඇල්ලීමේ යෙදවුමක් හරහා මූල්‍ය වංචා සිදුකිරීමට අදාළ චෝදනාවකට ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. “මහාදේව්” නමැති අදාළ ඔට්ටු ඇල්ලීමේ යෙදවුම ප්‍රවර්ධනය සඳහා ද ඔහු පෙනී සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත. සැකකාර නළුවා මුම්බායි සිට…
ශ්‍රී ලංකාවට පාකිස්තානයෙන් ලොකු ලූනු
පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පාකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග යළි ලොකු ලූනු ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවය. ඒ අනුව ඉදිරි සතිය තුළ පකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබේ….
ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්
වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 4×400 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
පොලීසියේ විනය ගැන නිර්දේශ පොලිස්පති අතට
පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත බාර දී තිබේ. විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත බාර දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. පොලිස් නිලධාරීන්ට එරෙහි…
මෙරටට ගෙන්වූ ඖෂධවල වගකීම නොදරන බවට ලිපියක්
ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. ඔහු පවසන්නේ ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙනඒම සඳහා අනුබල දුන් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාට…