featureNews
බැසිල් සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුවී තිබේ. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී ඊයේ (26) අදාළ හමුව සිදුවී තිබුණි. X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ රටේ දේශපාලන තත්ත්වය ඇතුලු අන්‍යොන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව මෙහිදි සුහදව සාකච්ඡා කළ බවය.
රනිල්ට ඉඩ දෙමු කොළඹින් ඇරඹෙයි
ජාත්‍යන්තර කම්කරු දින සැමරුමෙන් පසු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. අද (27) පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. GLOBAL MIND සංවිධානය විසින් පවත්වන ” රනිල්ට ඉඩ දෙමු ” යතුරුපැදි රැළිය අද පෙරවරුවේ කොළඹ ගංගාරාම…
ඇල්ල – වැල්ලවායේ කරඳගොල්ල ප්‍රදේශයේ නායයෑමේ අවදානමක්
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රිය වී ඇති නායයෑම් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි සතියේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පුළුල් අධ්‍යයනය සිදුකරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ, එම තත්ත්වය උමා ඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයට ජලය පිරවීමෙන් ඇතිවූවක් ද යන්න මෙතෙක් ජල හෝ භූ විද්‍යාත්මක පර්යේෂණයකින් තහවුරු වී නැති බවය. ඇල්ල –…
දුප්පතාට බෙදන සහල් ටිකත් හොරකම් කළ හැටි
මේ දිනවල ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩසටහනේදී විවිධ අක්‍රමිතා සහ දූෂණ සිදුවීම් කිහිපයක් වාර්තාවී තිබේ. අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් සඳහා සහල් බෙදාදීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට දිවයින පුරා සහල් බෙදීම සිදුකෙරේ. තෝරාගත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් කිලෝ 10 බැගින් බෙදාදීම සිදුවන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමිනි. මෙම සහල් නොමිලේ ජනතාවට ලබාදෙන…
මඩකළපුවේ ඉදි කළ ක්‍රිකට් පිටිය
නැගෙනහිර පළාතේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දියුණුව වෙනුවෙන් කැපවුණු පුද්ගලයෙකු වූ පූනසිංහම් වසීහරන් නම් පුද්ගලයෙකු විසින් තම පෞද්ගලික මුදලින් අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මඩකළපුවේ ඉදිකර තිබේ. මෙය උසස් මට්ටමේ ක්‍රිකට් අත්දැකීමක් ලබාගැනිමට අපේක්ෂා කරන සියලුම තරුණයින් ට හොඳ අවස්ථාවකි.
අමෙරිකාව චීනයට කළ තර්ජනය
චීනය විසින් යුක්‍රේන ගැටුම සඳහා රුසියාවට අනුබල දීම නතර නොකළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අනතුරු අඟවා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ සීතල යුද්ධයෙන් පසු යුරෝපීය ආරක්ෂාවට දැවැන්තම තර්ජනය මෙම සහයෝගීතාව බව ඔහු පවසා ඇති බවයට. අමෙරිකාව විසින් චීනයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාදැයි මේවනතෙක් ප්‍රකාශ කර නොමැති බව…
දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ සහකාර ප්‍රවාහන අධිකාරීවරයෙකුගේ බලතල යටතේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරන බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් සුමේධ සෝමරත්න මහතා පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුව වංචා දූෂණ රැසක් සිදුවන ස්ථානයක්…
මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණයට ආයතන දෙකක්
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කළමනාකාරීත්වය වසර 30ක කාලයක් සඳහා විදෙස් සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company යන සමාගම් වෙත එම ගුවන් තොටුපොළේ කළමනාකාරීත්වය පැවරීම සඳහා වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය….
දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩබැලීමට එස්.එස් මුදලිගේ පත් කෙරේ
පුරප්පාඩු වී ඇති දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්. මුදලිගේ මහතා පත්කර තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතා පසුගියදා හදිසියේ අභවප්‍රාප්ත වී තිබුණි. ඒ අනුව පුරප්පාඩුව පවතින එම තනතුර සඳහා සුදුසු නිලධාරියකු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන තෙක් එහි රාජකාරී ආවරණය කිරීම…
හෙට කොළඹට පැය 14 ජල කප්පාදුවක්
හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 5 සහ 6, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව නගර සභා බලප්‍රදේශ, ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම…