
featureNews

තීරණය කියන්න එජාපයෙන් සජබයට දුන් කාලය
කොළඹ මහා නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග කිරීමේ තීරණය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගයට මාර්තු 20 වනදා දක්වා කාලය ලබා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇත. කොළඹ මහ නගර සභාවට අමතරව වෙනත් පළාත් පාලන ආයතන සඳහා එක්ව තරග කිරීමට…

අනුරාධපුර රෝහලේ වර්ජනය අත්හිටුවයි
වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව අදාළ තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර ඇත. මේ අතර, අදාළ සිදුවීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනේ සියලු රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ද අද (13) පෙරවරු 8.00…

ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් මුදාගනී
පාකිස්ථානයේ සටන්කාමීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් 346 දෙනෙකු මුදාගෙන තිබේ. පෙරේදා දහවල් බලොචිස්තාන් ප්‍රාන්තයේදී අදාළ දුම්රිය පැහැර ගැනුණේ මගීන් 400 දෙනෙකුද සමඟින්ය. දුම්රිය බලොචිස්තාන් ප්‍රාන්තයේ ක්වෙටා සිට පෙෂාවර් බලා ධාවනය වෙමින් තිබුණි. පැහැරගැනීම සිදුකළ බලොචිස්තාන් බෙදුම්වාදීන් ප්‍රකාශකර තිබුනේ පැය 48ක් තුළ දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් නොකළහොත් මගීන් සමඟ දුම්රිය පුපුරුවා හරින බවය. කෙසේ…

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර පහෙන් තුනක් බිඳවැටෙයි
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර පහෙන් තුනක් බිඳ වැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, මේ හේතුවෙන් දෛනිකව රෝගීන් 250කගේ පමණ විකිරණ ප්‍රතිකාර කටයුතු ඇණ හිට ඇති බවය. ඒ අනුව අදාළ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට බලධාරින් කඩිනමින් පියවර ගත යුතු බව චානක…

මැදින් පුර පසළොස්වක පොහොය අදයි
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙසට මැදින් පුර පසළොස්වක පොහොය සැලකේ. එහිදි උන්වහන්සේ විසින් සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍යවාංශිකයින්ට ධර්මය දේශනා කරනු ලැබීය. මේ අතර එෆ්.එම්.දෙරණ 123 වන අසපුව සජීවි පෝදා විකාශය හෝමාගම පුරාණ විහාර පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින්…

බිග්මැච් සඳහා පොලීසියෙන් උපදෙස් මාලාවක්
පාසල් ක්‍රිකට් තරග අතරතුර නීති කඩන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය දැඩි විමසිල්ලෙන් පසුවෙන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය. තම පාසලේ ගෞරව නාමය ආරක්ෂා කරගැනීම සියලුදෙනාගේ වගකීමක් බවද ඔහු සඳහන් කළේය. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ. වුට්ලර් මහතා, “මේ දිනවල රටේ පවතින පාසල්…

හෝමාගමට ඔරොත්තු නොදෙන මුව ගහනයක්
හෝමාගම නගරය ආශ්‍රිතව ග්‍රාමසේවා වසම් රැසක ව්‍යාප්තව සිටින මුවන් සුදුසු ප්‍රදේශයකට මුදාහැරීමට තීරණය කර තිබෙන බව ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පා.ම. අරුණ පනාගොඩ මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු පවසා සිටියේ 1500ත් 2500ත් අතර මුව ගහනයක් සිටින බවත්, ඔවුන් ගොවි ජනතාවගේ සියලුම දේ විනාශ කරන බවයි. වැඩිදුරටත් අදහස් දැක් වූ අරුණ පනාගොඩ මන්ත්‍රීවරයා, “අපේ…

පාකිස්තානයේ දුම්රියක් බෙදුම්වාදීන් පැහැරගනී
පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සුලබව සිදුවන බලොකිස්තාන ප්‍රාන්තය හරහා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, එහි ගමන්ගත් මගීන් 400කට ආසන්න පිරිසක් සමග පැහැරගෙන තිබේ. බලොකිස්තාන විමුක්ති හමුදාව නම් බෙදුම්වාදී කල්ලිය විසින් මෙය සිදුකර ඇති බව වාර්තා වේ. මෙලෙස පැහැරගෙන ඇත්තේ ක්වෙට්ටා සිට පේෂාවර් බලා කිලෝ මීටර් 1600ක දුරක් ධාවනය වෙමින් පැවති ජෆාර් නම් ශීඝ්‍රගාමී දුම්රිය බව විදෙස් මාධ්‍ය…

දේශබන්දු සොයන හේතුව – තොරතුරු රැසක් එළියට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (12) නියෝග කළේය. මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ” w15″ හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි….

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කෙරේ
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේකෂා කරන ඒ සඳහා සුදුසුකම්ලත් රජයේ නිලධාරීන්, ආරක්ෂක නිලදාරීන් සහ තැපෑල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මාර්තු 12 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය, තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම්…