Headlines

    අහස යා කළ Ratnadipa

    ‘ITC Ratnadipa Colombo’ අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කළේය. එය ඉන්දියාවේ ITC හෝටල් සමූහය, ඉන්දියාවෙන් පිටත ඉදිකළ ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලය වීම ද විශේෂත්වයකි. මේ සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400කි. එහි හෝටල් කාමර 350ක් පවතී. ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ…

    Read More

    රන් මිලේ වෙනසක්

    මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (25) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 173,000ක් දක්වා පහළ ගොස් තිබේ. ඊයේ (24) දිනයේ දී එය දැක්වුණේ රු. 174,800ක් ලෙසය. මේ අතර රු. 190,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු….

    Read More

    කිරිපිටි මිල ගැන අලුත් කතාවක්

    ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිල මට්ටමෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවය. පසුගිය මාසයේදී ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 60කින් සහ කිලෝග්‍රෑම් එක රුපියල් 150කින් අඩු කිරීමට කිරිපිටි…

    Read More

    විදෙස් රැකියා ජාවාරමේ යෙදෙන පිරිසට රතු එළියක්

    අනුරාධපුරයට ආසන්න විහාරස්ථානයක විහාරාධිපති ප්‍රමුඛ පොලිස් සාජන්වරයෙකු මුල් වි විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. අදාළ පැමිණිල්ලට අනුව ඊට සම්බන්ධ පාර්ශව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විමර්ශන කණ්ඩායම් වෙත උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ. බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයකට හැර…

    Read More

    සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින්…

    Read More

    මැලේරියාව යළිත්

    024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසයි. අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, අප්‍රිකා රටවලට ගොස් පැමිණි අය අතුරින් බවයි.  ශ්‍රී ලංකාව තුළින් වාර්තා වූ අවසන් මැලේරියා රෝගීයා වාර්තා වූයේ…

    Read More

    දමිතා ට ඇප

    විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබේ. එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.

    Read More

    මම ජනාධිපතිවරණයට එනවා – සජිත්

    එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

    Read More

    ඉරාන ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

    ඊශ්‍රායලය විසින් ඉරාන භූමියට එල්ල කරන මහා පරිමාණ ප්‍රහාරයකදී ආරක්ෂක භූමිකාව කැපී පෙනෙන ලෙස වෙනස් වනු ඇති බවත්, එහිදී ඊශ්‍රායලය මුළුමනින්ම විනාශකර දමන බවත් ඉරාන ජනපති ඊබ්‍රහීම් රයිසි ප්‍රකාශ කර තිබේ. එවැනි වාතාවරණයකදී ඊශ්‍රායලයේ සියොන්වාදී රෙජීමයේ කිසිවක් ඉතිරි නොවනු ඇති බව ඔහු සඳහන් කර ඇත.  ඉරාන නායකයා පාකිස්තාන සංචාරයේ නිරතවන අතරතුර, ඔහු මෙම ප්‍රකාශය සිදුකළ…

    Read More

    උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ 

    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි. අද (24) උදෑසන ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුව පිළිගනු ලැබීය. ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි. ඌව…

    Read More