Headlines

    ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා එලෙස මියගොස් ඇත. මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසුවුණි.

    Read More

    සීගිරිය සහ දඹුල්ල ගැන වැඩි අවධානයක්

    සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. අදාළ ව්‍යාපෘතියේ නාගරික පහසුකම් සැපයීමේ පහසුකම වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක්ද පත්කර ඇති බව සඳහන් ය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ තිරසර…

    Read More

    දුම්රිය නඩත්තුවත් රජයට හිසරදයක් වෙයි

    දුම්රිය නඩත්තු කටයුතුවලට පවා වර්තමානය වන විට ණය ගැනීමේ අවශ්‍යතාව මතු ව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්රිය සේවය දිගින් දිගට ම පාඩු ලබන තත්ත්වයකට පත් ව ඇති බවය. කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය. “අපි පහුගිය දවස්වල දරුවන්ට පාසලට යන්න, රෝහලට…

    Read More

    අමෙරිකානු පුරවැසිභාවය ගැන දැනුම්දීමක්

    ඉන්දියානු පුරවැසියන් 66,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු පුරවැසිභාවය ලබා දී තිබේ. අමෙරිකානු ප්‍රජා සමීක්ෂණ දත්ත වාර්තාවකට අනුව එම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ. ඒ අනුව ඉන්දියානුවන් 65,960දෙනෙකු නිල වශයෙන් එක්සත් ජනපද පුරවැසියන් බවට 2022 වසරේ දී පත්ව ඇත.  එම වර්ෂයේ දී මිලියන 46ක විදේශිකයන් පිරිසක් එක්සත් ජනපදයේ වාසය කර ඇති බව ඇස්තමේන්තු…

    Read More

    ඇමති විජයදාසගේ නම මැතිවරණ කොමිසමට

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස තම පාර්ශ්වයෙන් තෝරා පත් කරගත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමට පියවර ගන්නා බව එම පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය පවසයි. ඒ අනුව නිදහස් පක්ෂ වැඩබලන මහලේකම්වරයා විසින් විජයදාස රාජපක්ෂ මහතාගේ නම සහ විධායක සභාවේ දී ගත් තීරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම්…

    Read More

    මාලදිවයිනේ මැතිවරණ ජය පාලක පක්ෂයට

    මාලදිවයින් ඊයේ (21)  පැවති මහා මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගැනීමට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය සමත්ව විය. ඒ අනුව චීන හිතවාදී මුයිසුගේ මහජන ජාතික කොංග්‍රසය දැනටමත් දිනා ඇති ආසන ගණන 66කි. මැතිවරණය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ ආසන 93ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීමේ අරමුණිනි. අපේක්ෂිකාවන් 42 දෙදෙනෙක් ඇතුළු අපේක්ෂකයින් 368 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ. මැතිවරණය සඳහා ඡන්දය භාවිතයට සුදුසුකම්…

    Read More

    ක්‍රිකට් පාවාදීමක් ගැන අධිචෝදනා ගොනුකරයි

    මෙරටදී පැවති “Legends Cricket Trophy, 2024” ක්‍රිකට් තරගාවලියේදී සිදුවූ බව කියන තරග පාවාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම තරගාවලියට එක්වූ ක්‍රිකට් කණ්ඩායමක හිමිකරුවෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. නීතිපතිවරයා අද (22) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ බව දැනුම්දී තිබේ. මෙලෙස අධිචෝදනා ගොනුකර ඇත්තේ එම තරගාවලියට එක්වූ ක්‍රිකට් කණ්ඩායමක හිමිකරුවෙකු වන ඉන්දීය ජාතිකයෙකුට එරෙහිවය.

    Read More

    අධිවේගේ පාලම යට අභිරහස් මළ සිරුරක්

    බණ්ඩාරගම ගැලනිගම අධිවේගී මාර්ග පාලම අසළ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවය. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බණ්ඩාරගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.  අඩි 05යි අඟල් 4ක් පමණ උසැති ඔහු තලෙළු පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. ඔහු උඩු කයට නිල්පාට අත්කොට කමිසයක්…

    Read More

    ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

    ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය ඔක්තෝබර් මස 07 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හඳුනාගැනීමට නොහැකිවීම සම්බන්ධ වගකීම භාරගනිමින් ඔහු ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ ආරක්ෂක බළකාය ප්‍රකාශ කර ඇත්තේ මේජර් ජනරාල් අහරෝන් හලිවා විශ්‍රාම ගිය බවය. ඊශ්‍රායලට…

    Read More

    කෙහෙළිය යළි රිමාන්ඩ්

    රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි මස හය දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. ඊට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචිනි අබේවික්‍රම මහත්මිය මෙම නියෝගය කලාය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඇප ඉල්ලීම එහිදී ප්‍රතික්ෂේප කෙරිණි.

    Read More