Headlines

    තවත් ඔන්ලයින් මූල්‍ය වංචාකරුවෙකු කොටුවෙයි

    සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ණය ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ඉමදූව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙකි. එම සැකකරුට එරෙහිව වාහන සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු විභාගයකට අදාළව අධිකරණය මගහැර දීර්ඝ කාලයක් සැඟව සිට තිබේ. එම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනයකදී…

    Read More

    උද්ධමනයේ සිදුවූ වෙනස මෙන්න

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 පෙබරවාරි මාසයේදී 5.1% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 මාර්තු මාසය සඳහා 2.5%ක් දක්වා අඩුවී ඇත. කෙසේ වෙතත් 2024 පෙබරවාරි මාසයේ දී 5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 මාර්තු මාසයේදී වෙනසක් සිදුව නොමැත.

    Read More

    ජගත් මිහිතල දිනය අදයි

    ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර ජගත් මිහිතල දින තේමාව වන්නේ “මිහිතලය සහ ප්ලාස්ටික්” යන්නය. ප්ලාස්ටික් භාවිතයෙන් මිනිසාගේ සහ පාරිසරික සෞඛ්‍යයට ඇති කරන අහිතකර බලපෑම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමයි එහි අරමුණ වී තිබේ. වර්ෂ 1970 අප්‍රේල් 22 දින ප්‍රථම වරට අමෙරිකා එක්සත් ජනපදයේදී ජගත් මිහිතල දිනය සමරා ඇති බව සඳහන්ය. අද වන විට…

    Read More

    හෙට උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළට

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (22) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමුකළ යුතු මට්ටමක” පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ…

    Read More

    සුපිරි නළු විජෙයිට එරෙහිව පැමිණිල්ලක්

    ඉන්දීය මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි අවස්ථාවේ දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයි අකරතැබ්බයකට මුහුණ දී තිබේ. චෙන්නායි හි පිහිටි ඔහුට අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාවේ ඔහුව දැකබලාගැනීමට විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව ඇත. එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් අනතුරුව පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කර පෝලිමේ නොසිට විජෙයි හට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා…

    Read More

    කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නෑ – ජනපති

    රට ගොඩනැගීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ අද (21) පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “අද මේ රටේ ජනතාව සතුටින් සිංහල හා දෙමළ අලුත් අවුරද්ද සමරනවා….

    Read More

    ජපානයේ බිහිසුණු අනතුරක්

    ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 07 දෙනෙකු අතුරුදන්ව තිබේ. ඉෂූ දූපත් ප්‍රදේශ ආශ්‍රිත පැසිෆික් මුහුදේ සබ්මැරීන් නිරීක්ෂණය සම්බන්ධ පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුරින් මියගිය එක් හමුදා සාමාජිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර සෙසු පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ජපාන…

    Read More

    දියතලාව අනතුරින් මියගිය පිරිස ඉහළට – ඉතිරි ධාවන තරග අත්හිටුවයි

    දියතලාව මෝටර් රථ ධාවන තරගාවලිය අතර සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළගොස් තිබේ. පොලීසිය පවසන්නේ මෙම අනතුරත් සමග පැවැත්වීමට නියමිතව තිබූ ඉතිරි සියලු ධාවන තරග මේ වනවිට අත්හිටුවා ඇති බවය. අනතුරින් තුවාල ලබා පුද්ගලයින් 20 දෙනෙකු නේවාසිකව රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. අනතුරින් මියගිය 7 දෙනා අතර 8 හැවිරිදි දැරියක් ද වන බව පොලීසිය පවසයි….

    Read More

    ලෝකයෙන් ඇසෙන බය හිතෙන කතාවක්

    චීනයේ ප්‍රධාන නගරවලින් අඩක්ම ගිලාබසිමින් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ. සයන්ස් නම් සඟරාව පළකළ මේ වාර්තාවට අනුව මෙලෙස ගිලී යන නගර අතරට බීජිං, ටියන්ජින් වැනි ප්‍රධාන නගර ද අයත්ය. එමෙන්ම අනාවරණ වී ඇත්තේ, එරට සමස්ත ජනගහනයෙන් සියයට 29ක්ම එනම් මිලියන 270ක්ම වාසය කරන්නේ වාර්ෂිකව මිලිමීටර් 3 කට වඩා ගිලා බසමින් පවතින නාගරික කලාපවල…

    Read More

    ගෝඨාගේ ඇමතුමක් ගැන කාදිනල් හිමිගෙන් හෙළිදරව්වක්

    පැවති රජය හා වත්මන් රජයද දිගින් දිගටම පාස්කු ප්‍රහාරයේ සත්‍යය යටපත් කිරීමට උත්සාහ ගන්නා බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් චෝදනා කරයි. කාදිනල් රංජිත් හිමිපාණන් ඒ බව පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය එල්ලවී වසර 5 සැපිරීම වෙනුවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති ප්‍රධාන වැඩසටහනට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් රංජිත් හිමිපාණන්, “පාර්ලිමේන්තු…

    Read More