featureNews
පාස්කු ප්‍රහාරය ගැන හිටපු ඇමති සරත් කී කතාව
පාස්කු ප්‍රහාරය සිදුකළේ මුස්ලිම් අන්තවාදීන් යැයි එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජාත්‍යන්තර බුද්ධි අංශ තුනක් තහවුරු කර ඇතැයි හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අවධාරණය කරයි. ගරු සිරිල් ගාමිණි පියතුමා ඊයේ (20) සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා, “ප්‍රහාරයේ…
වතු සේවකයින් වර්ජනයකට සැරසෙයි
තම දෛනික වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වතු සේවකයින් හෙට (22) සිට වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එම වැඩ වර්ජනයට දමිළ ප්‍රගතිශීලි සන්ධානය පුර්ණ සහයෝගය ලබාදෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවසීය. වතු සේවකයින් ගේ දෛනික වැටුප රු 1,700 දක්වා වැඩි කරන ලෙසට ජනාධිපතිවරයා විසින් තේ වතු සමාගම්වලට උපදෙස් ලබා දී තිබිය…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරයට විජයදාස
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාව පත්කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය අද පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රසිද්ධ හෝටලයකදී කැඳවා තිබූ විධායක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇතිබව වාර්තාවිය.
පාස්කු ප්‍රහාරයට වසර 5ක් සපිරෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි. ඒ අනුව, කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා යැදුම් පාගමන ඊයේ මධ්‍යම රාත්‍රිය පුරා පැවැත්වුණි. 2019 වසරේ අප්‍රේල් මස 21වන දින පාස්කු ඉරුදිනයේ අන්තවාදීන් කණ්ඩායමක්…
ඉතිහාසගත රන් පදක්කම දිනා දුන් නාගලිංගම් අභාවප්‍රාප්ත වෙයි
ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවට මුල්ම රන් පදක්කම දිනා දුන් නාගලිංගම් එදිරිවීරසිංහම් අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු 1958 ටෝකියෝහි පැවැති තුන්වැනි ආසියානු ක්‍රීඩා උලෙළේදී උස පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට එම රන් පදක්කම දිනා දුනි. යාපනයේ පදිංචිව සිටි ඒ මහතා මියයන විට 89 වැනි වියේ පසුවූ අතර මියයන විට ඔහු පදිංචිව සිටියේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරය.
සිරිසේන පිල සහ සිරිපාල පිල ගැටෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය කැඳවූ රැස්වීමක් පැවති ස්ථානයට ගොස් විරෝධය පළකීරිමට එහි වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කණ්ඩායම අද (20) කටයුතු කර තිබුණි. එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පැවසුවේ පක්ෂයේ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීම නීත්‍යානුකූල නොවන බවය. ශ්‍රී ලංකා…
හදිසියේම බස්නාහිරට නව ආරක්ෂක වැඩපිළිවෙලක්
බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් මේ වන විටත් පුහුණු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. පසුගිය වසර 3 තුළ බස්නාහිර පළාතේ පොලිස්බල ප්‍රදේශ 25ක ඝීග්‍රයෙන්…
ශ්‍රී පාද ආරක්ෂිත වැටෙන් පැන්න පුද්ගලයා සොයා මෙහෙයුම්
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රී පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදී ආරක්ෂිත වැටෙන් පහළට පැන තිබේ. ඒ බව අසල තිබු සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණි. තරුණයා සොයා මේ වනවිට ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් අද (20) උදෑසන සිට ශ්‍රී පාද උඩමළුව රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර තිබේ.
සර්වෝදය නිර්මාතෘ නික්ම යයි
සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරුණි. සර්වෝදයේ ප්‍රධාන මූලස්ථානයේ තැන්පත් කර තිබු ඒ මහතාගේ දේහය අද පෙරවරුවේ සිදුකෙරුණු ආගමික වතාවත්වලින් අනතුරුව රිය පෙරහැරකින් කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙනවිත් තිබුණි. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු මැතිඇමතිවරුන්, රාජ්‍ය…
පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් නොකී කතාව
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ලබාදුන්, මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු හා මූලාශ්‍ර පිළිබඳ සිරිල් ගාමිණි පියතුමන් අද (20) මාධ්‍යයට අනාවරණය කළේය. හිටපු පොලිස් නිලධාරියකු යුටියුබ් නාලිකාවකට ලබාදුන් බව කියන සම්මුඛ සාකච්ඡාවක්ද උපුටා දක්වමින් පියතුමන් මෙම කරුණු ප්‍රකාශ කර තිබුණි. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා “ඥානාර්ථ ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන…