featureNews
හිටපු ජනාධිපති ට එරෙහි නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනි තබාගනී
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින් මෙම ගිනිතබා ගැනීම සිදුකරගෙන ඇති බවය. ගිනි තබා ගැනීමට හේතුව කුමක්ද යන්න අපැහැදිලි බව පොලීසිය පවසා ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ජූරි සභාවට ඉදිරිපත් වන අවස්ථාවේදී මෙම ගිනි තබා ගැනීම සිදුකර ගෙන ඇති…
මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට
නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ විදේශ ජාතික කාන්තාවක් සහ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් වෑන් රථයක් පරීක්ෂාවට ලක් කිරිමේදී එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19කට ආසන්න ප්‍රමාණයක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ…
නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන්හි ආරම්භ කීරීමට සැලසුම් කර ඇති බවය. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ප්‍රමුඛ…
දිගු කලක් සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයන්ට දැනුම්දීමක්
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් හට අද (20) සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. එම සාමාජිකයින්ට නීත්‍යානුකූලව යුද්ධ හමුදා සේවයෙන් ඉවත් වීමට ලබන මස 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බව යුද්ධ හමුදාව පැවසුවේය. ඒ අනුව තමන් අයත් වන රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සම්බන්ධ…
නව විදුලිබල පනත් කෙටුම්පත ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හානියක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරයි. නව කෙටුම්පතට එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා අද (19) පැවසුවේ එම පනතින් ගැටලු ඇතිවන්නේ විදුලිබල වෘත්තිය සමිති නායකයින්ට බවය. මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධි විධාන…
ආදරණීයයන්ගේ සෝ සුසුම් මැද නිසල නිවහනට ගිය දඩබ්බරයා
මිනිසත්කමේ සුවඳ හඳුනාගත් පස්දුන්කෝරලේ හිත හොඳ දඩබ්බරයා, අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරුවේ සිදුකෙරුණි. මහා ජන ගඟක සෝ සුසම් මැද ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ඔහු ජීවත්ව සිටියදී ඔහු විසින්ම තනාගනු ලැබූ සුසාන භූමියේදීය. හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය පෞද්ගලික ඉඩමකදී විදුලිසැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය…
බොරුකාරයන්ට අහුවෙන්න එපා – තැපෑලෙන් SMS එවන්නේ නෑ
දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදුකර නොමැති බව තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ, එහෙත් වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කරගත් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක්…
පලස්තීනය පිළිගැනීමේ යෝජනාවට අමෙරිකාව හරස් වෙයි
එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි රාජ්‍යයක් ලෙස පලස්තීනය පිළිගත යුතු බවට ගෙන ආ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල යෝජනාවක් නිශේධ බලය යොදා පරාජය කිරීමට අමෙරිකාව කටයුතු කළේය. එම යෝජනාව බ්‍රහස්පතින්දා (18) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ගෙනැවිත් තිබුණි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් 12 දෙනෙක් එම යෝජනාවට පක්ෂ වූ අතර එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්තය ඡන්දය දීමෙන් වැළකී සිටියේය….
ඔටාවා ඝාතකයා ඇප එපා කියයි
කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව ඔහුගේ නීතිඥයා පවසයි. 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ව පසුගිය මාර්තු මුලදී අත්අඩංගුවට ගත් අතර ඔහුට එරෙහිව මිනී මැරුම් චෝදනා 6ක් සහ මිනි මැරීමට තැත් කිරීමේ එක් චෝදනාවක් එල්ල කර තිබේ….
පාස්කු ප්‍රහාරය ගැන දන්න තොරතුරු දුන්නා -සිරිල් ගාමිණී පියතුමා
“ඥානාර්ත ප්‍රදීපය” කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 4ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ. එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කර සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බවය….