featureNews
ණය සහ බදු ගැන රජයේ ස්ථාවරය
ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා සියලු ණයහිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇතැයි රජය දැඩි විශ්වාසයෙන් පසුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමෙරිකාවේ, වොෂින්ටන් හී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැසිවරායකට සමගාමීව පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, “අපි ලොව අඩුවෙන්ම බඳු අයකරන…
ඉන්ධන මිල සහ රන් මිල හදිසියේ ම වෙනස්වෙයි
ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වෙයි. සිකුරාදා උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා 3%කින් වැඩිවූ අතර රන් මිල අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,400ක් ලෙස ටයි. එම නව මිල මෑතකදී වාර්තා වූ වැඩිම මිල ලෙස දැක්වෙයි. එසේම ජපානයේ,…
ප්‍රශ්නගත ඖෂධ සිද්ධියට අදාළව තවත් පෙත්සමක්
හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගැනීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 66 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය….
ඉන්දීය මහ මැතිවරණය අද
2024 ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ පළමු අදියර අද (19) ආරම්භ වෙයි. පළමු අදියර යටතේ මන්ත්‍රීවරුන් 102ක් තෝරා ගැනීම සඳහා කෝටි 16.63ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. පෙරවරු 7 සිට පස්වරු 6 දක්වා ඡන්ද විමසීම සිදුකෙරේ. ලොව විශාලතම මහ මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වෙන අතර ඡන්ද ගණන් කිරීම…
ශ්‍රීලනිප අර්බුදයට මැතිවරණ කොමිසමෙන් උත්තරයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු හා ලේඛන ඊයේ (18) දිනයේදී එහි සාමාජිකයින් විසින් සාකච්ඡාවට ලක්කර ඇති බව වාර්තා විය. පසුගිය 08 වනදා පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද…
සජබයට සහාය දුන්නොත් තනතුරක්
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන බලවේගය පවසයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මේ බව සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක්නොවන බවය. කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය…
ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර දියත් කරයි
ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව එක්සත් ජනපදය තහවුරු කරයි. ඉරාන රාජ්‍ය මාධ්‍ය අංශ ප්‍රකාශ කර ඇත්තේ මධ්‍යම ඉරානයේ Isfahan පළාත ඉලක්ක කර ප්‍රහාර එල්ලකර ඇති බවයි. එරට අභ්‍යන්තර ගමන් ද තාවකාලිකව අත්හිටුවා තිබේ. Isfahan කලාපයේ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර සහිත ප්‍රදේශයකි. මේ අතර ඉරාන බලධාරීන් පවසා ඇත්තේ ඩ්‍රෝන තුනක් ඔවුන් විසින් විනාශ කළ බවයි….
පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
භාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබේ. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ආගමික කටයුතු සිදුකර තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටියදී ඔහු විසින්ම සකස් කළ සුසානයේදී දේහය මිහිදන් කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. දේහය පසුගිය 17 වනදා රාත්‍රියේ ඒ මහතාගේ නිවස වෙත…
තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා – ජනපති
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයන් සමඟ අද (18) නුවරඑළිය ජනාධිපති මන්දිරයේ පැවති හම්වුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. බොහෝ දෙනා අසීරු…
චමරිට ජනපති සුබ පතයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු හට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් එක්කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ ලද විශිෂ්ට ජයග්‍රහණය සමග ජනාධිපතිවරයා පෞද්ගලිකව චමරි අතපත්තු වෙත සුබපැතුම් එක්කළ බවය. දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම…