featureNews
කැනඩාවේ සිදුවු විශාලතම රන් කොල්ලය
කැනඩාවේ සිදුවූ විශාලතම රන් කොල්ලය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට එයාර් කැනඩා ගුවන් සේවාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් ද අයත්ය. 2023 වසරේ අප්‍රේල් මාසයේදී ඔවුන් සොරකම් කර තිබුණේ එරට ටොරොන්ටෝ හි පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ විශේෂ භාණ්ඩ තොගයක්. කැනේඩියානු වාර්තාවලට අනුව එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන…
IMF වෙතින් තවත් සහතිකයක්
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මේ අතර, ශ්‍රී ලංකාව විසින් ගෙවීම පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12ක් පමණ වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එළැඹෙන මැයි මැද වන විට ආයෝජකයින් සමඟ ගිවිසුමකට එළඹෙනු ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් උපායමාර්ගික…
ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්
ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. බලධාරීන් අනතුරු අඟවන්නේ, විධාරණය වෙමින් පවතින ගිනි කන්දේ කොටස් මුහුදට වැටී සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට සැක පළ කරන බවය. 1871 වසරේදී එලෙස විදාරණය වූ ගිනි කන්දේ කොටස් මුහුදට කඩාවැටීමෙන් සුනාමි අනතුරක් ද සිදුවුණි. මේ හේතුවෙන්…
මියන්මාර සයිබර් අපරාධකරුවන්ගෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයින් දිවයිනට
මියන්මාරයේ මියාවඩි සයිබර් අපරාධ කලාපයෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයින් 08 දෙනා දිවයිනට පැමිණ තිබේ. පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති බව සඳහන්ය. මියන්මාරයේ මියාවඩි සයිබර් අපරාධ කලාපයේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 08 දෙනෙකු පසුගිය මාර්තු මස 04වන දා මුදාගැනීමට මියන්මාර ආරක්ෂක අංශ කටයුතු කර තිබිණි. ඔවුන් ශ්‍රී ලංකාවට…
මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව…
විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. එම පනත් කෙටුම්පත මීළඟ පාර්ලිමේන්තු සභා වාරයට ඉදිරිපත් කරන බව ද x ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර ඇත. පනත් කෙටුම්පතෙහි නීත්‍යානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට සති දෙකක කාලයක්…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් එක්දින වාර්තා රැසක්
දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (17) සමත්වුණි. ඒ අවසන් එක්දින තරගයේ හිමිවූ ලකුණු 302ක ජයග්‍රාහි ඉලක්කය හඹාගොස් ජය ගැනීමත් සමගය. ඒ අතර එම තරගයේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 195ක් වාර්තා කිරීමද විශේෂත්වයකි. දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා…
ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු පිළිබඳ අද (18) දින සලකා බැලෙනු ඇති බව වාර්තා වේ. පසුගිය 08 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එහි දේශපාලන මණ්ඩලය රැස්වුණි. එහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද…
පාකිස්තානයේ ආපදා මරණ තවත් ඉහළට
පාකිස්තානයේ ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබේ. ගංවතුර, අකුණු සහ ගොඩනැඟිලි කඩාවැටීම් හේතුවෙන් සිදුවු අනතුරුවලින් මෙම මරණ සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැඩිම මරණ සංඛ්‍යාවක් වයඹ දිග පාකිස්තානයෙන් වාර්තාවන අතර ගොඩනැගිලි කඩාවැටීම හේතුවෙන් එම පළාතේ ළමුන් 15 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබේ. ආපදා තත්ත්වය…
රුසියානු භටයින් 50,000ක් මරුට
යුක්‍රේනයේ දී මියගොස් ඇති රුසියානු හමුදා මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි. දෙරට අතර යුද ගැටුම් ආරම්භ වී වසර දෙකක් ගතවී ඇති අතර රුසියානු භටයින්ගේ මරණ පළමු වසරට වඩා 25%කින් වැඩිවී ඇති බව සංඛ්‍යාලේඛන අනුව පෙනීයයි. දෙරට අතර යුද ගැටුම් 2022 පෙබරවාරි මාසයේ ඇරඹිණි. දෙවැනි වසර තුළදී රුසියානු…