Headlines

    උණුසුම ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම නිවේදනයේ දැක්වෙන පරිදි උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පලාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම ඉහළ යා හැකිය. එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි….

    Read More

    ජාතික ජන බලවේගය පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන අයුරු පැහැදිලි කරයි

    2019 වර්ෂයේ අප්‍රේල් මස 21 පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව එම පක්ෂය විසින් ප්‍රසිද්ධ කර තිබේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් එම කරුණු සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කරයි. සම්පූර්ණ තොරතුරු පහතින්

    Read More

    ඩුබායි යටවෙයි – ගුවන් ගමනුත් නවතී

    වසර 75කට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට දරුණු ජලගැලීම් ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ. මේ හේතුවෙන් ඕමාන් රාජ්‍යය තුළ පමණක් පුද්ගලයින් 18 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ. කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට අධික වර්ෂාපතනයක් බලපා තිබේ. මෙය වාර්තාවන්නේ වසර 75 කින් පසුව එක්සත්…

    Read More

    දමිතා යළි රිමාන්ඩ්

    විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය නිකුත්…

    Read More

    සංචාරකයින් සඳහා ඊ වීසා ක්‍රමය අද සිට

    සංචාරකයින් සඳහා පමණක් අද (17) සිට “ඊ වීසා”  ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, ආරම්භයේදී භාෂා පහකින් “ඊ වීසා” අයදුම් කිරීමේ හැකියාව පවතින බවය. “නව තාක්ෂණයෙන් වැඩි දියුණූ කරලා, ඊ වීසා ක්‍රමවේදය අද ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඕනෑම රටක ඉඳලා ලංකාවට පැමිණෙන සංචාරකයින්ට විතරක්…

    Read More

    ප්‍රවීණ ගායන ශිල්පියාගේ ගීතයක් විකෘති කළ සුරාබදු නිලධාරියා අත්අඩංගුවට

    ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘති කළ බවට සැකකෙරෙන සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ. රෝහණ බැද්දගේ මහතා විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන අවුරුදු සමයේ නිරන්තරයෙන් විකාශය වන ‘සූර්ය මංගල්‍යය’ ගීතය එලෙස විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ…

    Read More

    අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා

    අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා (19) පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු සඳහන් කළහ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත වී තිබිණි. මියයන විට 64 වැනි වියෙහි පසුවු තෙවරප්පෙරුම මහතාගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක් බව ඥාති පුත්‍රයෙකු…

    Read More

    රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකැත උදාවෙයි

    රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ චාරිත්‍රය අද පූර්ව භාග 6.52ට යෙදී තිබිණි. කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම සුබ බව නැකැත් පත්‍රයේ සඳහන් වුණි. මේ අතර පැළ සිටුවීමේ චාරිත්‍රය හෙට (18) වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16ට යෙදී තිබේ. රන්වන් පැහැති…

    Read More

    පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

    හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

    Read More

    අධිවේගයෙන් නොසිතූ ආදායමක්

    පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 80කින් පමණ වර්ධනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සුරියබණ්ඩාර මහතා අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වසරේ අප්‍රේල් මස 10 වන දා සිට 15 වන දා දක්වා වු දින…

    Read More