featureNews
ඔහොම යං, IMF ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි
IMF වැඩසටහන ආරම්භයේ සිට ශ්‍රී ලංකාව දැඩි කැපවීමෙන් උපයාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ඒවා ඉදිරියට පවත්වාගෙන යාමට කැපවන්නැයි එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ. වොෂින්ටන් හි පැවත්වෙන වසර මැද ස්ප්‍රිං සමුළුවට සහභාගී වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. අප්‍රේල් 15…
ඉරාන ජනපති ලංකාවට
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතා ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය. එම උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතය. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී ආරම්භ කෙරුණි. එමගින්…
රාජ්‍ය ඇමති චාමර ගමන්කළ රථය එක්වරම ගිනිගනී
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබේ. බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව ඇත. අද අලුයම 12.45ට පමණ මෙම සිදුවීම වී ඇති බවට වාර්තාවෙයි. රාජ්‍ය අමාත්‍යවරයා මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා පැමිණෙමින් සිටියදී මෙම ගිනිගැනීම සිදුව ඇත. කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ…
අවස්ථාවක් ලැබෙන තුරු ඊශ්‍රායලය බලා සිටී
ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින බව ඊශ්‍රායලය පවසයි. මැදපෙරදිග කලාපය තුළ දරුණු යුද බියක් මවමින් ඉරානය පළමු වරට ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කළේය. ඒ අනුව ඉරානය විසින් ඉකුත් 13 වනදා සහ ඊයේ (14) අලුයම් කාලයේදී ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර තිබුණි. සිරියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරයට…
හිසතෙල් ගෑමේ නැකැත උදාවෙයි
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ තවත් සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (15) පෙරවරු 10යි 17 ට යෙදී තිබුණි. ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත්‍ර යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි බව නැකැත් පත්‍රයේ සඳහන්…
පිහියකින් සහ කතුරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරයි
මාර්ගයකදී පිහියකින් සහ කතුරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ පුද්ගලික ආරවුලක් මත ඊයේ (14) 37 හැවිරිදි පුද්ගලයෙකුව මෙලෙස ඝාතනය කර ඇති බවය. ඇලයාපත්තුව පොලිස් වසමේ තිබ්බටුවාගම විහාරස්ථානයට යන මාර්ගයේදී මෙම ඝාතනය සිදුකර තිබුණි. මේ අතර අද (15) අලුයම හක්මන පොලිස් වසමේ කහටගහකොරටුව ප්‍රදේශයේදී 21 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත….
ගමේ ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන පහසුකම්
අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (15) සහ හෙට (16) විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ශෂී වෙල්ගම මහතා පැවසුවේ මගී අවශ්‍යතාව පරිදි එම බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවය. මේ අතර දුම්රියෙන් පැමිණෙන මගී ජනතාවට ද ඔවුන්ගේ…
මුම්බායි වැනසූ මතීෂ තරගයේ වීරයා වෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ඊයේ (14) පැවති තරගයෙන් ලකුණු 20ක ජයක් හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය. එම තරගයේදී සුපිරි පන්දුයැවීමක නිරතවූ මතීෂ පතිරණ ලකුණු 28ක කඩුලු 4ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සමත් වුණි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක්…
අද තද වැස්සක්
අද (15) දිනයේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. සම්පූර්ණ නිවේදනය පහතින්,
RMS Titanic නෞකාව මුහුදු බත් වී අදට වසර 112 ක් සැපිරේ..
අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර නිපදවූ ටයිටැනික් නෞකාව, වයිට් ස්ටාර් සමාගම සතුවූ ඔලිම්පික් ශ්‍රේණියේ නෞකා තුනෙන් දෙවෙනි නෞකාව විය. අනෙක් නෞකා දෙක වූයේ RMS Olympic සහ RMS Britannic ය.( මුලින්ම නම් කෙරුණේ Gigantic ලෙසය ). මෙය සමාගම සතුවූ නෞකා 29 කින් විශාලම නෞකා ත්‍රිත්වය වූහ. මෙම නැවු ත්‍රිත්වයෙහි මූලාරම්භය 1907 මැදදී වයිට් ස්ටාර් සමාගමේ සභාපති වූ J….