featureNews
රුපියල ට ලෝකයෙන් සහතිකයක්
2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලූම්බර්ග් වෙළඳපොළ දත්ත පෙන්වාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් ය.
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවෙකු අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යාංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය. සැකකරු සතුව තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක්, නෝට්ටු මුද්‍රණය කරන ලද කඩදාසි තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත්…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (13) පැවැත් වෙයි. එය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය. තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පැවති පළමු තරගය වර්ෂාව හේතුවන් අත්හැර දැමීමට සිදුවිය.
දුම්රිය ප්‍රමාදයක්
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පිළීපැනීමකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය සාමන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ අද (13) උදෑසන කොළඹ කොටුවේ සිට දකුණු කළුතර බලා ධාවන වූ දුම්රියක් මෙලෙස පීළි පැනීමකට ලක්ව ඇති බවය. එම දුම්රිය යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදී…
අවුරුද්ද වෙනුවෙන් නිදහස ලැබූ පිරිස 779ක්
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගතව දඩුවම් ලබමින් සිටින රැඳවියන් 779 දෙනෙකු රාජ්‍ය සමාව යටතේ නිදහස ලබාගැනීමට නියමිතව තිබේ. විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන සිරකරුවන් 768 දෙනෙකු සහ සිරකාරියන් 11 දෙනෙකු මෙලෙස නිදහස ලබාගැනීමට නියමිතය. දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම අද දිනයේ අදාළ සිරකරුවන් පිරිසට නිදහස ලබාදීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. …
හම්බේගමුවේ වෙඩි තැබීමක්
හම්බේගමුව ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. ඊයේ (12) රාත්‍රී හම්බේගමුව සීනුග්ගල ප්‍රදේශයේ නිවසක සිටි දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පැවසුවේය. එම නිවසේ හිමිකරු සහ ඔහුගේ ඥාතී සොහොයුරන් ඇතුළු පිරිසක් සාදයක් පවත්මින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එහිදී 24 හැවිරිදි සහ…
අද අවුරුදු උදාව
සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව අද (13) අපරභාග 09.05ට යෙදෙන සුබ මොහොතෙන් අලුත් අවුරුද්ද උදාවේ. අපරභාග 02.41 සිට ඉරිදා (14) අලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති බැවින් අපරභාග 02.41ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි බව නැකැත් පත්‍රයේ සඳහන් වේ. ආහාර පිසීමේ නැකත අද රාත්‍රී 11.06ට යෙදී ඇති අතර…
කිලෝ 200කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
හෙරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රා 02ක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව මඟින් සිය භාරයට ගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසුවේ, එම යාත්‍රා දෙකේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 10 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවය. අත්අඩංගුවට ගත් පිරිස සහ…
ජී.එල් ට එරෙහිව පොහොට්ටුවෙන් විනය ක්‍රියාමාර්ගයක්
මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. එම පක්ෂයේ විධායක සභාව මඟින් එම තීරණය ගත් බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේය. සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව හෙතෙම කියා සිටියේය. ශ්‍රී ලංකා…
ආගමන විගමන නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පැවසුවේ අද (12) පෙරවරු 9.00 සිට හෙට පෙරවරු 9.00 දක්වා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය පවත්වන බවය. ඒ අනුව ගුවන්තොටුපොළ හා වරායේ සේවය කරන නිලධාරීන් කළු පටි පලඳිමින් අද රාජකාරියේ නිරත වුණි. ආගමන විගමන නිලධාරී හිඟය නිසිකලට…