featureNews
දූපතක සතියක් සිරවී සිටි පිරිසක් මුදාගනී
රොබින්සන් කෘෘසෝ ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ලෝක පූජිත නව කතාවකි. දූපතක සිරවී වසර ගණනක් හුදකලාව සිටි මිනිසෙකු වටා එම කතා ප්‍රස්තුතය ගොඩනැගී තිබේ. රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහි ගැන්වූ පුවතක් බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති මයික්‍රොනීසියා නම් මිනිසුන් නොමැති දූපතකින් පසුගිය දා වාර්තා වුණි. ඒ එම දූපතේ සිරවී සතියක කාලයක් ගත කළ මිතුරන් තිදෙනෙකු…
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති…
මහ බැංකුව යළිත් ඩොලර් ගනී
ශ්‍රී ලංකා මහ බැංකුව 2024 මාර්තු මාසයේදී විදේශ විනිමය වෙළෙඳපොළෙන් අමෙරිකානු ඩොලර් මිලියන 715ක් මිලදී ගෙන තිබෙන බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. එමෙන්ම මහ බැංකුව විසින් පෙබරවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 239.5ක් විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබේ. ඒ අනුව මේ වසරේ මේ දක්වා මහ බැංකුව විසින් වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇති මුළු මුදල ඩොලර්…
දෙමළ ජනතාවට වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් අවශ්‍ය නැහැ
ජනාධිපතිවරණය සඳහා දෙමළ ජනතාවට වෙනම අපේක්ෂකයෙකු අවශ්‍ය නොවන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කරනු ඇති බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කළේය.
බයිඩන් හමුවී ෆුමියෝ දුන් චෙරි පැළ
ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ අමෙරිකානු සංචාරය අතරතුරදී චෙරි පැළ හෙවත් සකුරා පැළ කිහිපයක් අමෙරිකාවට ත්‍යාග වශයෙන් ප්‍රදානය කර තිබුණි. ඒ දෙරට අතර මිත්‍රත්වය සනිටුහන් කිරීමේ අරමුණින් ය. ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩා පසුගියදා මෙලෙස අමෙරිකාවේ සංචාරයක නිරත වුණි. එහිදී ලෝකයේ අවධානය යොමු වුණේ ජපාන අගමැතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර පැවති සාකච්ඡා සම්බන්ධයෙනි. මේ අතර…
දෛනික වෙඩිතැබීම්වලට හේතුව බුද්ධි අංශ දුර්වලතා – මිහින්තලා හිමි
රටේ බුද්ධි අංශ ඇතුළු සියලු ආරක්ෂක අංශවල පවතින දුර්වලතා දෛනිකව සිදුවන වෙඩිතැබීම් සහ අපරාධ සිද්ධිවලට හේතුව බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති. උන්වහන්සේ සඳහන් කළේ එම අංශ ශක්තිමත් කිරිමෙන් තොරව අපරාධ රැල්ල මැඩලීමේ හැකියාවක් නොමැති බවය. අනුරාධපුර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි මේ බව පැවසීය.
ලංගම දෛනික ආදායම රු මිලියන 25කින් වැඩිවෙයි
සිංහල හා දෙමළ අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව හරහා සිය දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් එම මණ්ඩලය පසුගිය 5 වනදා සිට අතිරේක බස් රථ 200ක් පමණ ධාවනයට එක්කරමින් විශේෂ ගමනාගමන සේවාවක් ආරම්භ කරනු ලැබීය. ඒ හරහා මේ වනවිට…
අද රාත්‍රියේ ප්‍රබල අකුණු සමග තද වැසි
දිස්ත්‍රික්ක 13ක් සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අද (11) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ…
ටෙස්ලා අරන් ඊලොන් මස්ක් ඉන්දියාව ට
ලොව ධනවත් ම පුද්ගලයෙක් ලෙස සැලකෙන ඊලොන් මස්ක්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ව හමුවීම සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිත බව මස්ක් ‘X” පණිවුඩයක් නිකුත්කරමින් පවසයි. ඔහු පැමිණෙන නිශ්චිත දිනයක් එහි සඳහන් කර නැත. ඔහුගේ මෙම සංචාරයේ අරමුණ ටෙස්ලා කර්මාන්ත ශාලාවක් ස්ථාපනය කිරීම සඳහා ආයෝජනය කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම බව වාර්තා විය. පසුගිය සතියේදී විද්‍යුත් වාහන ආනයන…
වීසා ඉක්මවූ විදේශිකයන් 2,400ක් ශ්‍රී ලංකාවේ
වීසා කාලය ඉක්මවූ 2,400 ඉක්මවූ විදේශිකයන් පිරිසක් මෙරට තුළ සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව මෙරට තුළ ව්‍යාපාරවල නිරතවන විදේශීකයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔවුන් මේබව සඳහන් කළේය. මෙහිදී අදහස් දක්වමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසා සිටියේ, වැලිගම ප්‍රදේශයේ රුසියානු සහ යුක්‍රේන…