Headlines

    ගුවන් හමුදා භටපිරිස් අඩුකරන්න තීරණයක්

    තාක්ෂණයට මුල්තැන දෙමින් ගුවන් භට පිරිස 35,000 සිට 18,000 දක්වා අඩු කරන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ගුවන් හමුදා මූලස්ථානයේ ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වු ගුවන් හමුදාපතිවරයා, “අද මොබයිල් ෆෝන් එක රු ලක්ෂයයි නම් තව මාස 6ක් යද්දි ඒකම රු 50,000ක් වෙනවා. ඒ වගේ…

    Read More

    කෝටි 6ක හෙරොයින් සමග පුද්ගලයෙකු දැලේ

    රුපියල් කෝටි 06 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මාළිගාවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මාළිගාවත්ත පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය ග්‍රෑන්ඩ්පාස් වෙත රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. එහිදි සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රැම් 105ක තොගයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල්…

    Read More

    ලංකාවට ආ විදේශිකයින්ගේ වැඩිම කැමැත්ත

    මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් ලක්ෂ දෙකකට අධික පිරිසක් ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අතරින් යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා ලක්ෂයකට අධික විදෙස්…

    Read More

    අප්‍රේල් 15 නිවාඩු දිනයක්

    අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර ඇති බව දැනුම්දෙයි. ඒ් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා දැනුම්දී තිබේ. අලුත් අවුරුදු චාරිත්‍රයක් වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය 2024 අප්‍රේල් මස 15 වන දිනය යෙදී ඇත.

    Read More

    අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබේ. ඒ, අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව එලෙස ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර…

    Read More

    හිදෝගම ඛේදවාචකයේ සුලමුල හෙළිවෙයි

    රටම කම්පා කරමින් සිදුවූ හිදෝගම පුද්ගල ඝාතනයේ සුලමුල පොලීසියට අනාවරණය වී තිබේ. පවුල් ආරවුලක් දුරදිගයෑම හේතුවෙන් අදාළ ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසීය. අනුරාධපුර හිදෝගම දිවුල් වැවේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (09) සොයාගත් අතර එය රෙදි කිහිපයකින් සම්පූර්ණයෙන්ම ඔතා කළුගලක් ගැටගසා වැව දමා තිබියදී හමුවුණි. ඒ අනුව පොලීසිය සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වී තිබුණේ මියගිය පුද්ගලයා…

    Read More

    හිටපු ජනපති මෛත්‍රී විදෙස්ගත වීම ගැන සැකයක්

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගය පක්ෂයේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පවසයි. මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

    Read More

    අස්වැසුමට තවත් පවුල් 182,000ක් සුදුසුකම් ලබයි

    අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වැනි දා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවය.  ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්නා අතර රුපියල්…

    Read More

    පළමු පාසල් වාරය අදින් අවසන්

    මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වේ. ඒ අනුව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල් සදහා පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙම මස 24වන බදාදා දින ආරම්භ වේ. මේ අතර මුස්ලීම් පාසල් සඳහා පළමු…

    Read More

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට සරසවි ඇදුරෝ විරෝධයේ

    යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මඟින් මෙරට අධ්‍යාපන පද්ධතිය වැඩි වශයෙන් පෞද්ගලික අංශයට පැවරීම සඳහා යෝජනා කර ඇති බව කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍රපීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, අදාළ ප්‍රතිපත්ති රාමුවට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර එය පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමුකර ඇති බවය. එම ප්‍රතිපත්ති රාමුව මේ…

    Read More