featureNews
අතුරුදන් වූ බිලියන ගණනක් වටින වී ගැන CID පරීක්ෂණ
නිකවැරටිය, පොල්ගහවෙල, මහව සහ ආණමඩුව යන රජයේ වී ගබඩාවලින් 2022 වසරේ යල සහ මහ කන්නයට අදාළ වී කිලෝ ලක්ෂ 30ක් පමණ අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතීඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා ඊයේ (09) ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශන වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති අතර අතුරුදන්…
විභාග දෙපාර්තමේන්තුව කොටස් දෙකකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම්
විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කොටස් දෙකකට බෙදීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ එක් අංශයක් සඳහා පාසල් විභාග පමණක් භාරදීමට අපේක්ෂා කරන බවි. ඊයේ දින (09) මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුවට සහභාගී වූ තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුුුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ. “මම විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ 18…
උතුරු – නැගෙනහිර අවතැන් මධ්‍යස්ථාන ගැන තීරණයක්
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රඳවා සිටින සියලු සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බවට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය ඊයේ පවසා සිටියා. මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ සුබසාධන මධ්‍යස්ථාන තුනක් ක්‍රියාත්මකව පවතින අතර එහි රැඳී සිටින පවුල් සංඛ්‍යාව 10ක් බවයි එම අමාත්‍යංශය පැවසුවේ. උතුරු හා නැගෙනහිර පැවති ගැටුම්කාරී වාතාවරණය හමුවේ අවතැන්ව…
මාර්තු මාසයේ 6000ක ශිෂ්‍යත්වය හිමිවන දරුවන් ගැන දැනුම්දීමක්
2022 / 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් ආර්ථික අපහසුතා සහිත සිසුන් 6000ක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන සඳහා ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ කටයුතු අවසන් කර තිබේ. ඒ අනුව මාර්තු සහ අප්‍රේල් මාසවල ගෙවිය යුතු හිඟ මුදල් ද සහිතව මැයි මාසයේ සිට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට කටයුතු කරන බව ජනාධිපති අරමුදල දැනුම් දී ඇත. මේ වසරේ…
විද්‍යාපීඨ සම්බන්ධයෙන් හදිසියේම ගත් තීරණය
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවාගැනීම යටතේ අයදුම්කිරීමේ කාලසීමාව එළැඹෙන 10 වනදා දක්වා දීර්ඝ කර තිබේ. 2021 හා 2022 වර්ෂයන්හි අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සඳහා එම නිවේදනය නිකුත් කර ඇත. පසුගිය 05 දින සිට අප්‍රේල් 10 වනදා දක්වා අයදුම්පත් යොමුකළ අයදුම්කරුවන්ට, අයදුම්පත්වල සංශෝධනයන් සිදුකළ යුතු නම් අප්‍රේල් 11 වනදා සිට අප්‍රේල් 17…
විදුලිබල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය
විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත. ඒ අනුව විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙම සතිය තුළ ගැසට් කිරීමටත් නියමිත බවද එහි දැක්වෙයි.
ලෝකෙම බලන සූර්යග්‍රහණය
ඉතාමත් කලාතුරකින් දැකගත හැකි වන පූර්ණ සූර්ය ග්‍රහණය බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වීම ඇරඹි තිබුණි.
භාණ්ඩ කිහිපයක මිල පහළට
එළැඹෙන අවුරුදු සමය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළදමා තිබේ. ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇත. වියලි මිරිස් කිලෝවක් රුපියල් 300කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 850කි….
ඉහළ අහසේදී මගී ගුවන් යානයේ කොටසක් ගැලවෙයි
බෝයිං 737-800 යානයක් අමෙරිකාවේ ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ගමන් ආරම්භ කරන අවස්ථාවේ එහි එංජින් කවරය ගැලවී තටුවක සිරවී තිබේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව එරට බලධාරීන් පැවසීය. සවුත් ඊස්ට් ගුවන් සමාගමට අයත් එම යානය හූස්ටන් බලා ගමන්කරමින් තිබියදී එම දෝෂය ඇතිවූ අතර පසුව එම යානය නැවත ඩෙන්වර් ගුවන්තොටුපොළට ආරක්ෂිතව ගොඩ බැස්සවීමට නියමුවන් සමත්විය. 2015…
විදෙස් සහ රන් සංචිතය ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය තුළ දී 9.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව 2024 පෙබරවාරි මාසය අවසානයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 4.52 ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය අවසානය වන විට ඩොලර් බිලියන 4.95 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම…