featureNews
පාස්කු ප්‍රහාරය ගැන සභාව කල්තැබීමේ විවාදයක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම තීරණය ගත් බවය. ඒ අනුව අප්‍රේල් 24 වන බදාදා පෙ.ව 9.30 සිට 10.30 දක්වා අපරාධ නඩු…
ජංගම දුරකථන මිල අඩුවෙයි
ඩොලරයේ අගය පහළ යෑම හේතුවෙන් මෙරට ජංගම දුරකථන මිල සියයට 18% – 20% අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, සමිත් සෙනරත් මහතා මාධ්‍ය හමුවකට ඒ බව සඳහන් කළේය. මිල අධිකව ම පැවතුන Apple iPhone 15 Pro Max දුරකථනයක් මේ වනවිට 375,000ක් පමණ දක්වා…
දමිතා රිමාන්ඩ්
මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇයගේ ස්වාමිපුරුෂයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඊයේ (04) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත ඔවුන් අද (05) දහවල් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. එහිදී දමිතා අබේරත්න සහ ඇයගේ ස්වාමි පුරුෂයා ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට…
ඇම්.ජී. වීරසේන පාර්ලිමේන්තුවට
ඇම්.ජී. වීරසේන මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අභාවප්‍රාප්ත එච්. නන්දසේන මහතා වෙනුවට පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙනි.
දේශබන්දු අධිකරණය හමුවට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (05) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ. ඒ, අරගල සිද්ධීන්වලින් පසුව ස්ථාන මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරුන් 05 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ය. අරගල සිද්ධීන්වලින් පසුව මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරු පස් දෙනෙකුට සුදුසු පොලිස් ස්ථාන ලබානොදීම සම්බන්ධයෙන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔවුන්ගේ නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කර තිබුණි. එම…
ශ්‍රී ලංකාවේ ණය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇතිවූ විශ්වාසය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වනවිට වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹීමට ශ්‍රී ලංකාවට හැකිවෙතැයි “දැඩි විශ්වාසයක්” ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය. ඩොලර් බිලියන 12ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට බැඳුම්කරහිමියන් සමග සාකච්ඡා කරමින් පවතියි. එය ආරථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ම පියවරක් ලෙස සැලකෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක්…
ඩොලරය 280ට ගෙන ඒම බලාපොරොත්තුවයි – ජනපති කියයි
පසුගිය වසරේ ඩොලරයක අගය රුපියල් 370ක් බවට පත්ව තිබුණ බවත් අද වන විට ඩොලරයේ අගය රුපියල් 300ක අගයක පවතින අතර එය ඉදිරියේදී එය 280ක් දක්වා පහළ ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ පසුගිය දා අරලියගහ මන්දිරයේ දී පැවති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයය සහභාගී වූ අවස්ථාවේදී යි. …
පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයාට හෙට (05) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කළහ.
දමිතා සහ සැමියා CID අත්අඩංගුවට
ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ. අද දහවල් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඉන් පිටව යන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඒ, මුදල් වංචාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ය. …
පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබේ.