featureNews
කෙහෙළියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට කොළඹ මහාධිකරණ නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් තීන්දුව ලබාදුන්නේය.
මෛත්‍රීගෙන් අධිකරණයට විශේෂ දැනුම්දීමක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත හෙට (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට දැනුම්දී තිබේ. හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මේ බව දැනුම්දී ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව මේවනවිටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශයක්…
ඩොලරය 300න් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක නිරූපිත විනිමය අනුපාතය අද රු. 299.96 ක් ලෙසින් වාර්තා වී ඇත. ඩොලරයක අගය මෙලෙස රු. 300 සීමාවෙන් මෙපිටට පැමිණියේ 2023 ජූනි 12 දිනෙන් පසුව වීම විශේෂත්වයකි. මේ අතර අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 295.24 ක් සහ විකුණුම් මිල රු. 304.60 ක් ලෙසින්…
නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රියන්ත ඇප ඉල්ලයි
අධිකරණයට අපහාස කළේ යැයි මේ වනවිට නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුසිල් ප්‍රියන්ත ජයතුංග මහතාගේ ඇප ඉල්ලීම මැයි මස 05 වනදා සලකාබලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල අද එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී අදාළ නීතිඥවරයා සඳහන් කළේ…
21 පෙම්වතිය සමග ජංගල් බීච් ගිය 17 සිසුවා අතුරුදන්
පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවකට සහභාගීවීමට ගිය 17 හැවිරිදි සිසුවෙකු දින 15ක් තිස්සේ අතුරුදන්වී ඇතැයි ඔහුගේ ඥාතීන් පවසයි. එම සිසුවා, සිය 21 හැවිරිදි පෙම්වතිය සමග මුහුදු වෙරළට ගොස් සිටියදී රළ පහරකට හසුවූ බව පෙම්වතිය පොලීසියට පවසා ඇතත් සිසුවාගේ ඥාතීන්ට ඒ පිළිබඳ සැක මතුවී තිබේ. ඒ අනුව ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ පදිංචි සෙනුක දේශාන් නම් සිසුවෙක් පසුගිය…
තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ
අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ඊච්චලම්පත්තුව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මූතූර් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි ඉලංගතුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග…
ප්‍රබල භූකම්පනයක් – ජපානයට සුනාමි අනතුරු ඇඟවෙයි
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. තායිවානයේ නැඟෙනහිර ප්‍රදේශයට රික්ටර් මාපාංක 7.4ක ප්‍රබල භූමිකම්පනයක් හටගෙන තිබේ. විදෙස් වාර්ථා සඳහන් කළේ, දකුණු ජපානයේ සහ පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවය. තායිවානයේ හුවාලියන් නගරයට කිලෝමීටර් 18ක් දකුණින්, කිලෝමීටර් 34.8ක් ගැඹුරින් අද (03) උදෑසන 8ට ආසන්න වේලාවකදී…
සේනක බටගොඩ ට ගීත 7ක් ගායනා කිරීමට වාරණයක්
ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (02) වාරණයක් නිකුත් කළේය. අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් එලෙස වාරණ නියෝගය නිකුත් කර ඇත. ඒකාබද්ධ ගීත…
ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණු පෙන්වන නමුත් දිළිඳුකම ඉහළ මට්ටමක පවතී – ලෝක බැංකුව
2022 වර්ෂයේ දි ශ්‍රී ලංකාව මුහුණදුන් බරපතල ආර්ථීක පසුබෑමෙන් පසුව 2024 වර්ෂයේදි ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණූ පෙන්වමින් 2.2% ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවට ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. නමුත්, රට තුල තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, අදායම් අසමානතාවයන් සහ ශ්‍රම වෙළඳපොළ ගැටළු පවතින බව ලෝක බැංකුවේ නවතම ද්වි-වාර්ෂික සංවර්ධන ඇගයුම සඳහන් කරයි….
අඛණ්ඩව සිව්වන මාසයටත් දෙලක්ෂය ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට
2024 මාර්තු මාසය තුළ දී විදෙස් සංචාරකයින් 209,181ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව 2023 දෙසැම්බර් මාසයේ සිට මාසිකව දෙලක්ෂයක් ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි අඛණ්ඩ සිව්වැනි මාසය ලෙසින් පසුගිය මාර්තු මාසය දැක්විය හැකිය. 2024 මාර්තු මාසයේ පැමිණ ඇති මෙම සංචාරකයින් සංඛ්‍යාවත් සමඟම මෙම…