featureNews
මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 ඉක්මවයි..
මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 සීමාව ඉක්මවා ගියේය. ඒ පසුගිය 28 වන දා මෙරටින් කොවිඩ් මරණ 45ක් වාර්තා වීමත් සමගය. ඒ අතුරින් වැඩි පිරිසක් වයස අවුරුදු 60 ඉක්මවු අය සෞඛ්‍ය අංශ සඳහන් කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 3,030ක් ලෙස වාර්තා වී ඇති බවයි….
නිරෝධායන රෙගුලාසි සංශෝධනය කෙරේ..
විදේස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට අදාළ නිරෝධායන රෙගුලාසි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සංශෝධනයට ලක් කර ඇත. එළඹෙන ජුලි මස 01 වැනි දා සිට ජුලි මස 31 වැනි දා දක්වා බලපැවැත්වෙන ලෙස නිකුත් කර ඇති මෙම රෙගුලාසි විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, වෙළෙඳ නාවිකයින්ට, නාවික ආරක්ෂකයින්ට, ද්විත්ව පුරවැසියන්ට, සංචාරකයින්ට සහ නේවාසික වීසා බලපත්‍ර හිමි විදේශිකයින්ට…
පුද්ගල මළ සිරුරක් කැලණි ගඟේ…
අත් පා ගැට ගසා දමන ලද පුද්ගල මළ සිරුරක් නවගමුව, රණාල ප්‍රදේශයේදී කැලණි ගඟේ පා වෙමින් තිබියදී ඊයේ (26) සවස හමු විය. වයස අවුරුදු 54 ක් පමණ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් එලෙස සොයාගන ඇති අතර හමුවූ මළ සිරුර හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි කට්ටඩියෙකුගේ බවට අනාවරණය වී තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ මළ සිරුරේ දෑත්…
ජනපති අද ජාතිය අමතයි..
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතව බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව අද (25) රාත්‍රී 8.30 ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය. එහි දී ජනාධිපතිවරයා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය අද (25) රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී, ගුවන් විදුලි නාලිකා සහ සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවිව විකාශය…
”පියාඹන සීක්වරයා” කොරෝනා මාරයාට බිලි වෙයි..
බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ඉන්දියාව ඉන් නිදහස් වූ පසු බිහි වූ ඉන්දියාවේ පළමු සුපිරි ක්‍රීඩා තරුව ලෙසින් හැඳින්වෙන මිල්කා සිං කොවිඩ් -19 ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ. මැයි මාසයේ දී කොරෝනා ආසාදිත බවට හඳුනා ගන්නා 91 හැවිරිදි මිල්කා චන්දිගාර්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිදී පසුගිය 18 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබේ. මුළු මහත් ඉන්දියාව පුරාම ”පියාඹන සීක්වරයා”…
ඉන්ධන මිල ඉහළ දැමීම – බස් ගාස්තුවත් වැඩි වෙයි ද..
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා යොදවා ඇති බස් රථවල ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට සිදු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, පසුගිය 11 වෙනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ මෙම තීරණය ගන්නා බවයි. කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනය කිරීම…
ඉන්ධන මිල ගණන් ඉහළට..
ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි CEYPETCO ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල Rs 20කින් වැඩි කරන බවයි. ඒ අනුව එහි නව මිල රුපියල් 157කි. තව ද ඔක්ටේන් 95 Rs 23කින් ද, ඔටෝ ඩීසල් Rs 7කින් ද, සූපර් ඩීසල් Rs 12කින්…
සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ..
දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වැනිදා අලුයම 4.00 දක්වා දිර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන 14 වැනිදා අලුයම 4.00 ට ඉවත් කිරීමට තිබු සංචරණ සීමා එදිනට ඉවත් නොකෙරෙනු ඇති අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත. කෙසේ වෙතත් සංචරණ…
ගර්භනී මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත් දීම අද සිට..
ගර්භනී මව්වරුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද(09) සිට ආරම්භ විය. විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, කොරෝනා ආසාදනය වී පසුගිය සති කිහිපයේ ගර්භනී මව්වරුන් කිහිපදෙනෙකු මිය යාමත් සමග ඔවුන්ට එන්නත්කරණය සිදු කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බවයි. ඒ අනුව ගර්භනී මව්වරුන්ගේ කැමැත්ත විමසා මෙම එන්නත්කරණය සිදු කෙරෙන බව පවුල්…
ලෝක සාගර දිනය අදයි..
ලෝක සාගර දිනය අදට (08) යෙදී තිබේ. මෙවර එහි තේමාව වී ඇත්තේ “සාගර ජීවිතය සහ ජීවනෝපාය” යන්නයි. මේ මුළු පෘථිවි ගෝලයෙන් ගොඩබිමට හිමි වන්නේ 29% ක් වැනි ඉතා කුඩා ප්‍රමාථයක් වන අතර අනෙක් 71 % ආධිපත්‍ය ජල ගෝලයට හිමිව තිබේ. නමුත් එතරම් ජලයක් මේ පෘථිවි තලය මත තිබුණත් මිනිස් පරිභෝජනයටගත හැක්කේ 0.3% ක් තරම් අඩු…