Headlines

    මහ වැස්සෙන් පුද්ගලයින් 14 ක් මරුට – සුළු ගංවතුර මට්ටම තවදුරටත්..

    දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් අහිමි වූ පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, ආපදා තත්ත්වයන් හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් දෙදෙනකු අතුරුදන්ව ඇති බවය. පවතින මහ වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර මට්ටම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු…

    Read More

    ලෝක පරිසර දිනය අදයි..

    ලෝක පරිසර දිනය අදට(05) යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ, ‘අපේ පරිසර පද්ධතිය සුරකිමු’ යන්නයි. ඒ අනුව පරිසරය යනු මානව වර්ගයාගේ අනාගතය තීරණය කරන ප්‍රධානතම සාධකයයි. ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී 1972 වර්ෂයේ පැවති පරිසර සමුළුවේ දී ගන්නා ලද තීරණයකට අනුව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින…

    Read More

    ඩයනා කුමරියගේ මංගල ඇඳුම මහජන ප්‍රදර්ශනයට..

    මුළු ලොවක් ආදරය කළ ඩයනා කුමරියගේ මංගල ඇඳුම මහජන ප්‍රදර්ශනය කරන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මීට වසර 40 කට පෙර සැරසී සිටි ඇයගේ මංගල ඇඳුම කෙන්සිංටන් මාළිගයේදී මහජනතාවට ප්‍රදර්ශනය කරන බවයි. මෙම මංගල ඇඳුම ඩයනා කුමරියට වයස අවුරුදු 60ක් සපිරීමට මාසයකට පෙර කේම්බ්‍රිජ් හා සසෙක්ස් ආධිපාදවරියන් විසින් කුලියට දී ඇති…

    Read More

    ප්‍රදේශ කිහිපයකට මහ වැසි – දැඩි අවධානයකින් පසු වන ලෙස ජලාශ ආශ්‍රිත ජනතාවට දැනුම් දෙයි..

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇඳහැළුණු අතර ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. එහි අගය මි.මී. 311.5 ක් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර ඇඳහැළුණු මහ වැසි හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි පාරිභෝගිකයින් 44,000 කට විදුලි සැපයුම ඇනහිට ඇති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එම…

    Read More

    චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි පොලිස් අත්අඩංගුවට..

    රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි පොලිස් අත්අඩංගුව ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. පසුව ඔවුන් දෙදෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප මත මුදා හැර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ඊයේ (30)…

    Read More

    X-PRESS PEARL නැවේ ගින්න නිවා දමයි – නැව සිසිල් කිරීම තවදුරටත්..

    X-PRESS PEARL නෞකාවේ ගින්න නිවා දමා ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේය. එම අධිකාරිය පැවසුවේ, නෞකාව සිසිල් කිරිමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි. නැව සම්බන්ධ ඉදිරි කටයුතු තීරණය කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් පත් කළ විශේෂඥ කණ්ඩායම නැව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරල් දයා රත්නායක මහතා සඳහන් කළේ. ඔහු ප්‍රකාශ කළේ,…

    Read More

    දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 7 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මකයි..

    දිවයිනපුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 7 වනදා අලුයම 4.00  දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව පෙර දැනුම් දුන් පරිදි මැයි 31 සහ ජුනි 4 වනදා සංචරණ සීමා ලිහිල් නොකරන බව යුද හමුදාපතිවරයා පැවසුවේය. යුද හමුදාපතිවරයා…

    Read More

    X-Press Pearl නැව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වන ලකුණු? – දික්ඕවිට සිට හලාවත දක්ව මුහුදු තීරයේ ආරක්ෂක වැඩ පිළිවෙළක්..

    පසුගිය 20 වන දා සිට මෙරට මුහුදේ ගිනිබත් වන X-Press Pearl නෞකාව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වනු ඇතැයි අපේක්ෂා කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළේ, නෞකාවේ ගින්න තවදුරටත් පැතිරීම හමුවේ එවැනි අනතුරක් සිදුවීමේ වැඩි අවදානමක් පවතින බවයි. මේ අතර වත්තල සිට මාරවිල…

    Read More

    දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා පැය 19කට ලිහිල් – සංචරණ සීමා ජුනි 07 දක්වා දීර්ඝ කෙරේ..

    දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 07 වැනිදා දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. යුද හමුදාපතිවරය ප්‍රකාශ කළේ, ජනතාවට ආසන්නතම වෙළෙඳ සැල වෙත යාමට මැයි 25,31 සහ ජුනි 04 දිනවල සංචරණ සීමා ලිහිල් කරන බවයි. කෙසේ වෙතත් සුපිරි වෙළෙඳ සංකීර්ණවල මත්පැන් අලෙවි සැල් ද ජුනි 07 වැනිදා දක්වා වසා දැමිය යුතු…

    Read More

    දිලීර ආසාදිත කොරෝනා රෝගියාට ආසාදනය වී ඇත්තේ ඉන්දියාවේ ව්‍යාප්ත වන කළු දිලීරය නොවේ..

    පසුගිය දා අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ දිලීර ආසාදිත කොරෝනා රෝගියාට ආසාදනය වී ඇත්තේ, ඉන්දියාවේ ව්‍යාප්ත වන කළු දිලීරය නොවන බව, සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කරයි. පසුගිය මැයි මස 04 වනදා අම්පාරේ පදිංචි වයස අවුරුදු 35ක් වයසැති දිලීර ආසාදිත කොරෝනා රෝගියා අම්පාර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුගිය 14 වනදා ජීවිතක්ෂයට පත් වූ අදාළ රෝගියාට…

    Read More