Headlines

    මී උණ රෝගීන් 2,584ක්..

    මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටින් මී උණ රෝගීන් 2,584 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ සඳහන් කරයි. ඒ අනුව මෙම වසරේ වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාව වන රෝගීන් 795ක් ඉකුත් මාර්තු මාසයේදී වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, අප්‍රේල් මාසයේදී 704 දෙනෙකු ද ජනවාරි මාසයේදී…

    Read More

    දිවයින අවට සුළං තත්ත්වයේ වැඩිවීමක් – ඉදිරි දින කිහිපයේ යළි වැසි වැඩි වන ලකුණු..

    ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) වැසි තත්ත්වයේ වැඩිවීමක් හා දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ අද (21) දින සිට ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට…

    Read More

    විනාඩි 25 ක් තුළ ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් – ගාසා තීරයේ කොවිඩ් එන්නත් පර්යේෂණාගාරය සුන්වෙයි..

    ඊශ්‍රායල හමුදා විසින් විනාඩි 25 ක කාලයක් තුළ හමාස් සංවිධානයේ උමං සබඳතා ජාලය ඉලක්ක කර ගනිමින් ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2007දී හමාස් සංවිධානය ගාසා තීරයේ බලය අත්පත් කරගැනීමෙන් පසු මේ උමං මාර්ග නිර්මාණය කළේ, සටන්කාමීන්ට සැඟවීමට, ආයුද ජාවාරම් කිරීමට හා පැහැර ගැනීම් සිදු කිරීමට බව…

    Read More

    මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණයට අදට වසර 12..

    තිස් වසරක පුරා මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර අදට (18) වසර 12ක් සපිරෙයි. “ශ්‍රී ලාංකීය ජනතාවට යහපත් හෙට දිනයක් උදා කරලීමේ උත්තරීතර කාර්යය වෙනුවෙන් දිවි පිදූ සහ තාරුණ්‍ය කැප කළ සියලුම විරෝධාර රණවිරුවන් හදවතින්ම අදවන් දිනක සිහිපත් කළ යුතුව තිබෙනවා,” – 12වන යුද සැමරුම පිළිබඳව අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…

    Read More

    රජයේ වෙබ් අඩවි 4කට සයිබර් ප්‍රහාරයක් එල්ලවෙයි..

    කිසියම් කණ්ඩායමක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක් එල්ලකර තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය , විදුලිබල මණ්ඩලය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රජරට විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිවල දත්ත මෙලෙස විකෘති කර  ඇති බවයි. මෙහි දී එම වෙබ් අඩවි 4…

    Read More

    සහන මල්ලේ අඩංගු බඩු ලැයිස්තුව..

    දිවයිනේ හුදකලා කර ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට හා නිරෝධායනය සඳහා යොමු කළ පවුල්වලට රුපියල් 5,000ක වටිනාකමින් යුත් භණ්ඩ සහිත සහන මල්ල ලබා දෙන බව වෙළෙඳ අමාත්‍යාංශය ඊයේ (14) නිවේදනක් නිකුත් කරමින් ප්‍රකාශ කරේය. ඒ අනුව මෙම සහන මල්ලට ද්‍රව්‍ය 20ක් ඇතුළත් බවත්, සතොස ආයතනය හරහා ලබා දෙන මෙම සහන මල්ල බෙදා හැරීමේ කටයුතු ඒ…

    Read More

    ඉන්දියාවේ වන අලි 18ක් මරුට..

    ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙහි අකුණු සැර වැදීමෙන් වන අලි 18 දෙනෙකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රාන්තයේ නාගෝන්හි ( Nagaon) රක්ෂිත වනාන්තරයක මෙම අලි 18 දෙනා හට අකුණු සැර වැදීම සිදුව තිබේ. ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකින් අනතුරුව කළ සෝදිසි මෙහෙයුමකදී මිය ගිය වන අලින්ගේ මළ සිරුර හමුවූ බව එම  ප්‍රාන්තයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සඳහන්…

    Read More

    ජලාශ 05 ක වාන් දොරටු විවෘත කෙරේ – ගංගාවල ජල මට්ටම් අඛණ්ඩව ඉහළට..

    රටතුළ පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ 05 ක වාන් දොරටු විවෘත කර ඇති බව වාර්තා වේ. ඒ අනුව නෝර්ටන්, කැනියන්, කුකුලේ ගඟ, උඩවලව සහ දැදුරුඔය යන ජලාශවල වාන් දොරටු මෙලෙස විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මේවන විට කළු, කැලණි, ගිං,…

    Read More

    රාමසාන් දිනය අදයි..

    ලොවපුරා සිටින ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියකින් හා සහෝදරත්වය පෙරදැරිව සමරන රාමසාන් දිනය අදට (14) යෙදී තිබේ. රාමසාන් මාසය පුරා උපවාසයේ නිරත වන ඉස්ලාම් බැතිමතුන් ෂව්වාල් මාසයට අදාළ නව සඳ දැකීමෙන් අනතුරුව රාමසාන් උත්සවය සමරනු ලබයි. එහි දී, රාමසාන් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ, සාමය, සහෝදරත්වය ගොඩනගා ලොවට…

    Read More

    දිවයින පුරාමිලිමීටර් 200 ඉක්ම වූ වැසි – ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්..

    බස්නාහිර , සබරගමුව ,දකුණ , වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට අද රාත්‍රියේ මිලිමීටර් 200 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව ගිණිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශයේ සහ යාබද ලක්ෂදීපය ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන…

    Read More