featureNews
චීනෙන් පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6 අද දිවයිනට..
චීන රජය විසින් ප්‍රදානය කළ සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා විසින් අද (31) දහවල් කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරණ ගුවන් යානය එන්නත් මාත්‍රා ලක්ෂ 06 රැගෙන යානය අද (31) පෙ.ව 11.28 බණ්ඩාරනායක අන්තර්ජාතික…
අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවෙන් විශේෂ නිවේදනයක්..
රටම කම්පා කරමින් 2019 වර්ෂයේ සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මුළු මහත් ශ්‍රී ලාංකීය ජාතියටම එල්ල වු ප්‍රහාරයක් බැවින් වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා බලධාරින් පෙළඹවීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කොළඹ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ යුක්තිය ඉටු කිරීමේ ස්වාධීන වැඩපිළිවෙළ අඩාල කරන…
ගෙවුණු දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් යාපනයෙන් – යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට සතියකට වැසෙයි..
අද දින (28) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 278 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 18 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 260 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (27) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
උතුම් මැදින් පුරපසළොස්වක පොහෝ දිනය අදයි..
ශාසනික වැදගත්කම් රැසක් සිදු වූ උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදට (28) යෙදී තිබේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට විසි දහසක් මහ සඟරුවන සමග වේළුවනාරාමයේ සිට ප්‍රථම වරට කිඹුල්වත්නුවර බලා වැඩම කිරීම සඳහා ගමනාරම්භය සිදු වී ඇත්තේ අද වැනි පොහොය දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය….
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින්ටත් කොවිඩ්..
හිටපු ඉන්දීය ක්‍රිකට් නායක හා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තෙන්ඩුල්කාර් සඳහන් කරන්නේ සිදු කළ පරීක්ෂණයකදී තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි. තමන් සිය නිවසේදී නිරෝධායනය වන බවත් පවුලේ අනෙක් සාමාජිකයින්ට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව ද එම…
සූවස් ඇළේ නැවක් සිරවේ – ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට..
ඊජිප්තුවේ සූවස් ඇල (Suez Canal ) හරහා සිර වූ නෞකාව හේතුවෙන් ලොව පුරා නෞකා කාලසටහනට බලපෑමක් සිදුව ඇතැයි වාර්තා වේ. MV EVER GIVEN නම් මෙම නෞකාව ඉතා ඉක්මණින් ඉවත් කිරීමට හැකිවනු ඇතැයි එහි හිමිකරු පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මෙම නෞකාව දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175ක් වන බහාලුම් ප්‍රවාහන…
සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම හෙට..
පුරා දශක තුනක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ උදාර සේවය අගය කරනු වස් ඉදිවන සඳහිරු සෑයේ හතරැස් කොටුව තුළ නිධන් වස්තු තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් හෙට (28) සිදු කිරීමට නියමිතය. ඒ අනුව නිදන් වස්තු තැම්පත් කිරීමේ සියළුම කටයුතු සෞඛ්‍ය නීති රීතින්ට…
හෙට ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..
අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් හෙට (25) ශෝක දිනක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව හෙට (25) දින පුරාවට කොළඹ දිස්ත්‍රික්කයේ මාංශ හා මත්පැන් අලෙවි හා සුරාසල් ද සා තැබෙනු ඇත. මෙහි දී අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමියන්…
ලෝක ජල දිනය අදයි..
ලෝක ජල දිනය අදට (22) යෙදී තිබේ. ඒ අනුව මෙවර ජල දිනයේ තේමාව වන්නේ “ජලය අගය කිරීම” යන්නයි. ඒ අනුව මෙවර ලෝක ජල දිනය සමරන්නේ, තිරසර සංවර්ධන ඉලක්ක අතර, 06 වන ඉලක්කය වන ”පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව” පදනම් කරගනිමිනි. 1922 දී බ්‍රසීලයේ, රියෝ ද ජෙනීරො හී පැවති එක්සත් ජාතීන්ගේ පරිසරය හා ප්‍රවර්ධනය පිළිබඳ සම්මේලනය (UNCED) අතරතුර න්‍යායපත්‍රය…
අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියෝ අපවත් වෙයි..
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූ බව වාර්තා වේ. ඒ අද (22) අලුයම 3ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක දීය. කලක පටන් රෝගාතුරව සිටින් උන්වහන්සේ අපවත්වන විට 88 හැවිරිදි වියේහි පසු විය. උන්වහන්සේ බස්නාහිර පළාතේ, මිනුවන්ගොඩ, කොටුගොඩ ගම් පියසෙහි දහමට ලැදි සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක…