featureNews
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන චීනය පසුකරයි – ඊයේ ආසාදිතයින් 354 යි මරණ 01 යි..
අද දින (22) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 354 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 342 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (21) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
ලෝක වනාන්තර දිනය අදයි..
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2012 වර්ෂයේ නොවැම්බර් 28 වන දින ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස මාර්තු 21 වන දිනය ප්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබේ. එහි දී 2013 වර්ෂයේ මාර්තු 21 වන දින සිට සෑම වසරකම ජාත්‍යන්තර වනාන්තර දිනය සමරනු ලබයි. මේ වන විට ශ්‍රීලංකාවේ වන ගහනය 29% දක්වා අඩු…
පස්සර මාරක බස් අනතුරේ පළා ගිය ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට – අනතුරට හේතුව නොසැලකිල්ල ?..
ඊයේ (20) පස්සර 13 කණුව ප්‍රදේශයේදී 14 දෙනෙකුට ජීවිත අහිමි කරමින් තවත් 33දෙනෙකුට තුවාල සිදු කරමින් සිදු වූ අනතුරත් සමඟ පළා ගිය ටිපර් රථ රියැදුරු ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ද මේ වනවිට හඳුනාගෙන ඇති අතර අනතුරින් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු…
පස්සරදී ප්‍රපාතයකට බස් රථක් පෙරළේ – බස් රථයේ සිටි14 ක් මරුට..
පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් එම බස් රථයේ සිටි පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අද පෙරවරු 7.15 ට පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ. එහි දී එම බස් රථය අනතුරට…
දෙදින රාජ්‍යත්‍රාන්ත්‍රික නිල සංචාරයක් සඳහා අගමැති බංග්ලාදේශයට..
බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනාවකට අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් සඳහා බංගලාදේශය බලා පිටත්ව ගියේ අද (19) උදෑසනයි. ඒ අනුව UL 189 ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යතුමා ඇතුළු ශ්‍රී ලාංකේය දූත පිරිස බංග්ලාදේශය බලා පිටත් වී ඇත. අග්‍රාමාත්‍යතුමා බංග්ලාදේශ රාජ්‍ය සංචාරය අරඹමින්, ඩකා අගනුවරට පැමිණි අතර එරට අග්‍රාමාත්‍ය…
කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමි අයට රජයෙන් නිවේදනයක්..
පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් තම රැකියා කටයුතු වලට යාමේ අපහසුතා හා අදාල රැකියා ආයතනය විසින් ඉවත් කිරීම හේතුවෙන් හෝ කොවිඩ් වසංගත සමයේ පැවති වෙනත් අපහසුතා හේතුවෙන් ස්වකීය රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු වූවන් පිළිබඳ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දෙන රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ,…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-18) – ඊයේ ආසාදිතයින් 338 යි මරණ 03 යි
අද දින (18) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 338 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 16 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 322 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (17) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
ගෑස් මිල ඉහළ යයි ද ?..
මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් එළඹෙන උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත්ය. ඊයේ (17) අරලියගහ මන්දිරයේ පැවති වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳපොළ සම්බන්ධ සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය. එහි දී සහල්, පොල්, කිරිපිටි, මාළු,මස්, බිත්තර, පරිප්පු හා…
ඩොලරයේ මිල 200 පනී..
මහ බැංකු වාර්තා අනුව ඇමෙරිකානු ඩොලරයක විකුනුම් මිල ඊයේ (16) දින රුපියල් 200.06 ලෙස ඉහළ ගොස් තිබේ. එහි දී ඩොලරයක ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 195.28 ලෙසය. ඒ අනුව මහ බැංකුව සඳහන් කරන්නේ මෙම වසරේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 200 සීමාව ඉක්මා ගොස් ඇත්තේ ඊයේ (16) දිනයේ බවයි. 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලරයට…
ගාලු කොටුවෙන් හමු වූ පුරා වස්තු..
ගාලු පුරවරයේ ප්‍රධාන සංධිස්ථානයක් වන ගාල්ල ඕලන්ද කොටුවේ ප්‍රධාන පිවිසුම ආශ්‍රිතව සිදු කරන ලද කැනීමකින් යුරෝපයේ පුනරුද යුගයට අයත් පිගන් භාණ්ඩවල නටබුන් රැසක් හමුවී ඇත. මෙම දුර්ලභ පිගන් භාණ්ඩ අවශේෂ එකල පැවති විදේශ සබඳතා පිළිබඳ වැදගත් දත්ත රැසක් ලබා ගත හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේය. මෙම…