featureNews
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව රන් අකුරින් ලියැවුණු දිනයට අදට වසර 25 යි..
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එදා මෙදා තුර ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට (17) වසර 25කි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව රන් අකුරින් ලියැවුණු දිනයක් ලෙස 1996 මාර්තු 17 දා හැඳින්විය හැකි වේ. එදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් එම ඉතිහාසගත ජයග්‍රහණයට අදට වසර 25ක් ගත වුවත් එහි…
බුර්කාව සහ නිකාබය සම්බන්ධව රජයේ තීරණය..
අද (16) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, බුර්කාව සහ නිකාබය සම්බන්ධව රජය තීරණයක සිටින බව ද හදිසි නොවී ඉතා හොඳින් සිතාබලා කිසිඳු පාර්ශවයකට අනිසි බලපෑම් ඇති නොවන ආකාරයට බුද්ධිමත්ව කළ යුතු බවත් කියා සිටියේය. ඒ අනුව මුස්ලිම් ප්‍රජාව ලාංකිකයන් ලෙස මෙරට සිටින අතර ඔවුන්ට අනන්‍ය සංස්කෘතියක් උරුම…
අදානි හිමිකරු ලක් රජයට තුති පුදයි..
ඉන්දියාවේ අදානී සමාගමේ හිමිකරු ගෞතම් අධානී මහතා ශ්‍රී ලංකා රජයට ස්තුතිය පළ කර තිබේ. ඒ කොළඹ වරායේ බටහිර පර්යන්තය ගොඩනැගීම සඳහා තමන්ට අවස්ථාව ලබාදීම පිළිබඳවය. එහි දී ශ්‍රී ලංකා රජයට, වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් සමාගමට කෘතවේදීත්වය පිරිනමන බව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ගෞතම් අධානී මහතා තම ස්තූතිය පුද කර ඇත. තව ද නිල නිවේදනයක්…
මියන්මාරයේ තත්වය තව තවත් දරුණු අතට – ඊයේ ජීවිත 38ක් වෙඩි උණ්ඩ වලට බිලි වේ..
මෙම වසරේ පෙබරවාරි 1 දින මියන්මාර හමුදා කුමන්ත්‍රණය සිදු වූ දා සිට මේ දක්වා එරට වැසියන් අඛණ්ඩ විරෝධතා ක්‍රියාත්මක කළ අතර විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ නායිකාව වන අවුන් සාන් සුකී නිදහස් කර නැවතත් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන ලෙසය. නමුත් හමුදා පාලකයින්ගෙන් විරෝධතාකරුවන්ට ලැබෙන ප්‍රතිචාරය දිනෙන් දින දරුණු අතට හැරෙන අතර විරෝධතාකරුවන්ට උත්තර ලැබෙනුයේ වෙඩි උණ්ඩ වලිනි. ඊයේ…
ප්‍රථම වරට ඊයේ වැඩිම අසාදිතයින් මාතරින් – මොරවක නගරයේ කඩ සාප්පු වසා දැමේ..
අද දින (14) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 314දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 33 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 281 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (13) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර…
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ නැවතත් කොවිඩ් රෝගීන් – කොවිඩ් තුන්වන රැල්ලක් පිළිබඳ PHIලා අනතුරු අඟවයි..
ඊයේ (12) දිනයේදී කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සිදු කළ PCR පරීක්ෂණ මඟින් එම වෙළඳ කලාපයේ පුද්ගලයින් 43 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ. මේ වන විට නව ආසාදතයින් 69 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත. කෙසේ වෙතත් ශ්‍රී…
ලෝක ග්ලෝකෝමා දිනය අදයි..
සෑම වසරකම මාර්තු මස 12 වනදාට ලෝක ග්ලෝකෝමා දිනය යෙදෙන අතර මෙවර ලෝක ග්ලෝකෝමා සතිය වශයෙන් මාර්තු 07 සිට 13 දක්වා නම්කර ඇත. ඒ අනුව මෙවර ලෝක ග්ලෝකෝමා සතියෙහි තේමාව වන්නේ ලෝකය දීප්තිමත්ය – ඔබේ පෙනීම සුරකින්න යනුවෙනි. ග්කෝමාව යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ජනයා සදාකාලික අන්ධභාවයට පත්කරන ප්‍රධානතම රෝගී තත්ත්වයක් වේ. ඒ…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
මෙරට සීනි බදු වංචාවේ වගකිවයුත්තන්ට නීතිමය පියවර ගන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ. ඒ අනුව මෙරටට ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරිම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුකිරීමෙන් රට වැසියන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත් ඒවාට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා…
කොහුවලදී මෝටර් රථයක පිළිස්සුණු මළ සිරුරක් – මළ සිරුර ව්‍යාපාරිකයෙක්ගේ..
ඊයේ (10) රාත්‍රී 11.30 ට පමණ කොහුවල, ආසිරි මාවත ප්‍රදේශයේ වැගන් R වර්ගයේ මෝටර් රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබිණ. එහි දී අදාල මෝටර් රථය සම්පූර්ණයෙන් පිළිස්සී තිබූ අතර මෝටර් රථය තුළ තිබූ පුද්ගලයාගේ සිරුර ද පිළිස්සී තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. එලෙස මියගොස් ඇත්තේ 33…
අඛණ්ඩව තුන්වන දිනටත් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගම්පහින් – ඊයේ ආසාදිතයින් 342 යි මරණ 04 යි
අද දින (11) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 342 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 42 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 300 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (10) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…