
featureNews

අමෙරිකානු පුරවැසිභාවය මිල දී ගන්න ඔබටත් අවස්ථාවක්
අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසයි. ඇමරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දීම වෙනුවෙන් මේ වන විට ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයිය ක්‍රියාත්මක අතර ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ තමන් විසින් මුදල් ගෙවා අමෙරිකානු පුරවැසිභාවය ලබා ගත හැකි ‘ගෝල්ඩ් කාඩ්’ ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බවයි. එහිදී ධනවත් විදේශිකයින්…

බන්ධනාගාර තුළ නවීන ආරක්ෂක ක්‍රමවේද ඇති කිරීමට පියවර
රට තුළ තිබෙන සියලු බන්ධනාගාර තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව දුරකථන සම්බන්ධතා අවහිර කිරීමේ උපාංග (ජෑමර්) නවීකරණය කිරීම ද ඇතුළත් ය. නවීන තාක්ෂණයෙන් යුත් පහසුකම් ඔස්සේ බන්ධනාගාර තුළ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර ඇත්තේ පසුගියදා අධිකරණය තුළදී වෙඩිතබා ඝාතනය කෙරුණු ගණේමුල්ල සංජීවගේ සිද්ධියෙන් පසුව වීමද විශේෂත්වයකි. බන්ධනාගාර තුළ මේ…

අම්බලන්ගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවෙක් අධිකරණයට එයි
අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේදී සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත්වී තිබේ. 2024.11.10 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකුට හා කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් පලාගොස් තිබූ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන…

අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ලබා දිය නොහැකි බව ව්‍යාපාරිකයින් කියයි
අයවැය මඟින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කළ ද එලෙස වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසයි. එහි සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය සඳහන් කළේ, ව්‍යාපාරිකයින්ට බංකොලොත් වූ සිය ව්‍යාපාර නඟාසිටුවීම සඳහා කාලයක් අවශ්‍ය බවය. “අපි ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ අයවැයක දාන දත්ත ටිකක් නෙමෙයි. කළ හැකි යම්කිසි වැඩපිළිවෙලක්….

වියළි කාලගුණයෙන් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා
පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ කොළඹ, කළුතර, රත්නපුර, මාතර සහ මහනුවර යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවය. වියළි කාලගුණයත් සමග ජල මුලාශයන් වල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බසින බව සඳහන් වේ. මේ දිනවල ජල පරිභෝජනය ඉහළ…

මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්
ශිව දෙවියන් සහ ලෝකයෙහි හා ජීවිතයෙහි “මෝහාන්ධකාරය ජය ගැනීම” මහා ශිව රාත්‍රි දිනය මඟින් සංකේතවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අන්තර් – ආගමික සහජීවනය අන් කවරදාටත් වඩා අගයමින් හා සුරකිමින් රටේ සෑම ජන කොටසක්ම එකිනෙකා කෙරෙහි ගෞරව – ආදර පෙරදැරිව අප මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින මොහොතක් බව ජනාධිපතිවරයා පෙන්වා…

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව,…

දකුණු කොරියාවේ E-8 රැකියා ලබාදෙන්නේ රජයෙන් පමණයි
දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි. වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබානොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින මෙන්ද…

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක්
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවැති හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා වී තිබේ. පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මෙහිදී මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක්…

විශේෂ පාසල් නිවාඩු දිනයක් ගැන දැනුම්දීමක්
ඌව සහ සබරගමුව පළාත්වල රජයේ සියලු දෙමළ පාසල් ලබන 27 වනදා වසා තැබීමට තීරණය කර තිබේ. හෙට (26) දිනයට යෙදෙන මහශිව රාත්‍රී දිනය නිමිත්තෙන් අදාළ පාසල් සඳහා මෙලෙස නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ප්‍රකාශ කළේය. කෙසේවෙතත් අදාළ නිවාඩු දිනය වෙනුවෙන් එළැඹෙන මාර්තු මස 01 වන සෙනසුරාදා අතිරේක පාසල් දිනයක් අදාළ…