Headlines

    රුපියල් ලක්ෂ 25 කොල්ලයට සම්බන්ධ සැකකරුවන් වසරකට පසු අත්අඩංගුවට

    මීට වසරකට පමණ පෙර රත්නපුර කුරුවිට ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවස මංකොල්ලකා රුපියල් ලක්ෂ 25ක මුදලක් රැගෙන පළා ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කුරුවිට පොලීසිය සමත්ව තිබේ. පසුගිය 2023 වසරේ නොවැම්බර් මස 22 වැනි දින අලුයම් කාලයේදී අදාළ මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට වෑන් රථයකින් පැමිණි සැකකරුවන් මැණික් ගලක් විකීණීමට බව පවවා නිවසට ඇතුළු…

    Read More

    උද්ධමනය යළි ඉහළ යනු ඇති බවට මහ බැංකුවෙන් අනාවරණයක්

    පුහුණු ශ්‍රමිකයින් රට හැර යාම තුළ ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම හේතුවෙන් සමස්ත ආර්ථිකයට බාධා සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් විශාල වශයෙන් පිටත්ව යාම සහ වෘත්තිකයින් සංක්‍රමණය වීම හේතුවෙන් පළපුරුදු පිරිස් අහිමි වීම හරහා ව්‍යාපාරවල ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම තුළ එය ඵලදායීතාවයේ අඛණ්ඩ පහත වැටීමක් ඇතිකිරීමට හේතුවනු ඇති බව…

    Read More

    එක මිටට, ගොවි බිමට ප්‍රදේශ කිහිපයකදී ඇරඹෙයි

    මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් පවත්වා ගැනීම ඇතුළු කරුණු අරමුණු කරගත් ”එක මිටට, ගොවි බිමට” වැඩසටහන දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ඊයේ (15) ආරම්භ විය.  දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මකයි. එක මිටට ගොවි බිමට ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන වැඩසටහන ඊ් යෙල්ගහවෙලදී ආරම්භ වූයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ මූලිකත්වයෙනි. ආහාර…

    Read More

    රුපියල් කෝටි 36ක හෂීස් සමග විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට

    රුපියල් කෝටි 36ක් පමණ වටිනා “හෂීස් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව කැනඩාවේ ටොරෙන්න්ටෝ නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ ඊයේ රාත්‍රී මෙරටට පැමිණි අවස්ථාවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව “අද දෙරණ ගුවන්තොටුපොළ” වාර්තාකරු පැවසීය. රේගු මත්ද්‍රව්‍ය පාලන…

    Read More

    අද කාලගුණය

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (16) වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවය. දිවයිනේ තැනින් තැන උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

    Read More

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව වතිකානුව නිවේදනය කර තිබේ. 2023 වසරේදී ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේට බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීමට තිබූ ඩුබායි සංචාරයද අවලංගු කෙරෙිණි. පාප් වහන්සේ පසුගිය වසර දෙක තුළ කිහිප වතාවක්ම ඉන්ෆ්ලුවෙන්සා සහ…

    Read More

    පවතින වියළි කාලගුණයේ අද තත්ත්වය

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (15) දිනයේ ද වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය. උතුරු-මැද, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

    Read More

    අදත් පැයක විදුලි කප්පාදුවක් – වේලාවන් මෙන්න

    අදත් (13) පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.  ඒ අනුව වේලාවන් 4ක් යටතේ කාණ්ඩ 20කට අදාළව ලංකාව පුරා විදුලිය විසන්ධි කරනු ලබන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි. කාණ්ඩ 4ක් යටතේ අද දින දිවයින පුරා සිදුකරනු ලබන විදුලි කප්පාදුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ද අනුමැතිය හිමිව…

    Read More

    කළුතර පාලම යට අබිරහස

    කළුතර බෝධිය ආසන්නයේ කළුතර පාලම යට ප්‍රදේශයේදී පුද්ගලයෙකුව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ. ඊයේ (12) උදෑසන කළුතර පාලම මත රැඳී සිටින අවස්ථාවේ පාලම යට මුහුණ සෝදමින් සිටි පුද්ගලයෙකු එක් වරම කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බව තමා දුටු බවට පවසා පුද්ගලයෙකු විසින් කළුතර උතුර පොලිස් ස්ථානයට  පැමිණිල්ල සිදුකර ඇත.  ඒ අනුව පොලීසිය විසින් කළ සෝදිසියේදී කිඹුලෙකු…

    Read More

    නීතිපති රැක ගැනීමට නීති නිලධාරීන් සැරසෙයි

    නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව නීතිපතිවරයා ආරක්ෂා කිරීමට පසුබට නොවන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් නීති නිලධාරින්ගේ සංගමයේ වැඩබලන ලේකම් ටෂ්යා ගජනායක මහතා සඳහන් කළේ මෑත කාලීනව නීතිපතිවරයා සම්බන්ධයෙන් පැතිර යන වැරදි සහ නොමග යවන සුළු ප්‍රකාශ පිළිබඳව සිය සංගමය දැඩි කණස්සල්ල පල කරන බවය. නඩුවක සැකකරුවන්…

    Read More