
featureNews

අදානි ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි
ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි තීරණය කර ඇති බව වාර්තා වේ. ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන ලබා ගෙන තිබියදීත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී…

එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට අත්සන් තබා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ලෝක රාජ්‍ය සමුළුව -2025ට සහභාගිවීම සඳහා සිදුකෙරුණු ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව මෙලෙස ගිවිසුම් ගත වූ බවය. මෙම ගිවිසුමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය…

රු. බිලියන 12කට අධික මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුමට
මෙම මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනාව අද (13) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. පවුල් 1,725,795ක් සඳහා මෙම මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී දීමනාව ලබාදීමට නියමිතය. රුපියල් බිලියන දොලහකට අධික මුදලක් ඒ සඳහා බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට…

යුක්‍රේන යුද්ධයට මැදි වූ ඩොනල්ඩ් ට්‍රම්ප්
යුක්‍රේනය යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග පැවති දුරකතන සාකච්ඡාවකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්‍රේන ජනාධිපතිවරයා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ. ඒ අනුව ඉදිරි දිනකදී තමා රුසියානු ජනාධිපති…

ලස්සන ලෝකයක් සඳහා ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්
දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ලෝකයේ සෑම රටක්ම මුහුණදෙන ගැටලු ඉතා සංකීර්ණ වන අතර කිසිවෙකුටත් හුදකලා ගමනක් නොමැති බවය. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස්…

ඉදිරි විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද
විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, අදාළ තීරණය අද පෙරවරු 10.00ට පමණ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවය. පසුගිය ඉරිදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම…

අනිවාර්යයෙන් ම පාසල් අධ්‍යාපනයට රජය මැදිහත් විය යුතුයි – නියෝජ්‍ය අමාත්‍ය
උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන සියලු ම සිසුන්ට එම අවස්ථාව සලසා දීම, රජය සිය වගකීමක් සේ සලකන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි. වාර්ෂික ව උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 300,000ක් පමණ වන අතර එයින් සරසවි සඳහා සිසුන් 175,000ක් පමණ සුදුසුකම් ලැබුව ද එයින් රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් හිමිවන්නේ…

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ යෝජිත ගිවිසුම සඳහා අත්සන් තැබීමට සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ආයෝජකයින් සහ ඔවුන්ගේ ආයෝජන සඳහා හිතකර ආයතනික පරිසරයක් සහතික කිරීම මඟින් ඍජු විදේශ ආයෝජන නියාමනය සඳහා නීතිමය යාන්ත්‍රණයක් සම්පාදනය කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි…

පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු වෙළෙඳ පොළට නිකුත් කිරීමට තැත් කළ අයෙකුට දඩ
ගුල්ලන් සහිත මනුෂ්‍යය පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු කිලෝ 3,000 ක් වෙළඳපළට නිකුත් කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් පෑලියගොඩ ගබඩා භාරකරුවෙකුට රුපියල් 20,000 ක දඩයක් නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සජීවනී පතිරාජ මහත්මිය නියෝග කළාය. එමෙන්ම අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝගය නිකුත් කරමින් එම පරිප්පු තොගය අධිකරණ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ විනාශ කරන ලෙසත්…

විදුලිය බිඳවැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්
දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පළමුව වඳුරෙකුට දෝෂාරෝපණය කළ රජය පසුව එම දෝෂාරෝපණය පසුගිය ආණ්ඩු වෙත එල්ල කර ඇති බවය. එහෙත් සැබෑ ගැටලුව කුමක් ද යන්න හඳුනාගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන නොමැති බව…