
featureNews

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරන බව සඳහන්ය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වෙයි.

ස්ටොයිනිස් එක්දින පිටියට සමුදෙයි
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව ලබන මස පාකිස්තානයේදී ආරම්භවන ‘චැම්පියන්ස් කුසලාන’ ක්‍රිකට් තරගාවලියෙන් පසු මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට ඔහු බලාපොරොත්තු වේ. 35 හැවිරිදි ස්ටොයිනිස් ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් එක්දින මෙන්ම විස්සයි20 තරග රැසක් නියෝජනය කර ඇති තුන්ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු එක්දින තරග 71කදී ලකුණු…

අමෙරිකාවේ තීරණය ශ්‍රී ලංකාවට වාසියක් – ප්‍රතිභා මහානාම
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ මස 24 වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ගෙනආ යෝජනාවට අභියෝගයක් එල්ල කළ හැකි බවය. අචාර්ය…

අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්
අද (07) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අරගල සමයේ ගිනි ගත් නිවාසවලට ලබාගත් වන්දි එළියට
අරගලය පැවැති 2022 වසරේ ගිනි ගත් නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හෙළි කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ලබාගෙන ඇති වන්දි මුදල්වල සමස්ත වටිනාකම රුපියල් කෝටි 122.41ක් බවය. මේ අතරින්, කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959ක් වන්දි මුදල් ලෙස ලබාගෙන ඇති…

දුම්රිය කිහිපයකින් තෙවන පන්තියේ ආසන වෙන්කිරීම අත්හිටුවයි
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තෝරාගත් දුම්රිය කිහිපයක තෙවන පන්තියේ මැදිරි සඳහා ආසන වෙන්කිරීමට ලබා දී තිබෙන අවස්ථාව අත්හිටුවීමේ තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. කොළඹ කොටුවෙන් පෙ.ව. 5.55ට හා පෙ.ව. 8.30ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය මෙන්ම ප.ව. 3.45ට කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වන දුම්රියන්හි මෙලෙස තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ අවස්ථාව අත්හිටුවීමට…

DMT නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
මෙරටට අනීතිකව ආනයනය කරන ලද වාහනයක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) මගින් පැවරීම් කටයුතු සිදුකිරීමට අනුමැතිය ලබාදීමේ චෝදනාව යටතේ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන ඇත. එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිතුක්කරමින් එම කොමිෂන් සභාව දන්වා සිටියේ, අත්අඩංගුවට ගත් නියෝජ්‍ය කොමසාරිස්වරයා රඹුක්කන ප්‍රදේශයේ පදිංචි,…

විද්‍යා ඝාතන සිද්ධියේ අභියාචනාවලට දින නියම කෙරේ
015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගකිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත. මෙම අභියාචනා ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද…

නීතිපති නිර්දේශය ගැන ලසන්තගේ දියණියගෙන් අගමැතිනියට ලිපියක්
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අගමැතිනිය වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ නීතිපතිවරයා බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙනි. පසුගිය දා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විමර්ශනයේ දී සැකකරුවන් ලෙස නම්…

වී මිලදී ගැනීමට තොග ගබඩා විවෘත වෙයි
වී මිලදී ගැනීම සඳහා අද(06) සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, මේ වනවිට ගොයම් කැපෙන ප්‍රදේශවන කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, කුරුණෑගල, පුත්තලම යන ප්‍රදේශවල තොග ගබඩා විවෘත කරන බවය. වී මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 05ක් වෙන්කර ඇති බවද ඔහු සඳහන්…