Headlines

    ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24ම වැඩ – දිනකට පාස්පෝට් 4,000ක්

    විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ඒ අනුව දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමට නියමිත බවය. එම සේවය ලබාදීමට…

    Read More

    ඔන්ලයින් පනත ගැන රජයේ තීරණය

    පසුගිය රජය සමයේ සම්මත කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට නව සංශෝධන කිහිපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. අදාළ පනත සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් අද (05) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මෙම…

    Read More

    දැනෙන්න අඩුවෙන ජල ගාස්තුව

    සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, විදුලි බිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස ජල ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවය. ජල ගාස්තු අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව සඳහන්ය. ජල බිල අඩුකිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි…

    Read More

    ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

    විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර හුවමාරු පත්‍ර සහ ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) අතර සංශෝධන ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා රජය විසින් නිල ණයහිමි කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා අවසන් කර අවබෝධතා ගිවිසුම්කට එළඹීමෙන් අනතුරුව ජපාන රජය…

    Read More

    රජය වී මිල දැනුම්දෙයි

    වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න යන මහත්වරුන් එක්විය. කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා, “අපි මිලදී ගන්නේ වියළි…

    Read More

    බේරේ වැවේ සතුන් මියයෑමට හේතුව බැක්ටීරියා ආසාදනයක්

    කොළඹ බේර වැවේ සතුන් මියයෑමට හේතු වී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බවට පර්යේෂනවලින් තහවුරු වූ බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා සඳහන් කළේ, මියගිය සතුන්ගේ පටක යොදා ගනිමින් සිදුකළ පර්යේෂණවලදී මේ බව සහවුරු වූ බවය. “පසුගිය දිනවල තාරාවන් මියයෑම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව මැදිහත් වී හෝමාගම පශු…

    Read More

    අද කාලගුණය

    ඌව පළාතේත්, මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර,…

    Read More

    ඩිජිටල් ගෙවීම්වල නව යුගයක ඇරඹුම

    රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදුකෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරේ.

    Read More

    රුමේනියානු රැකියා වීසාවලට ඇතිවන ප්‍රමාදය වැළැක්වීමට සාකච්ඡාවක්

    රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදි ඇතිවන අධික ප්‍රමාදය වැළැක්වීම සඳහා දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා විදේශ සේවා කාර්යාංශයේදී පැවැත්විණි. ඒ  විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් වන අතර රුමේනියා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව මෙය පවත්වන ලදි. රුමේනියාවේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් යොමුකරන කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන…

    Read More

    මහින්දගේ නිල නිවස ගැන පොහොට්ටුවෙන් දැඩි තීරණයක්

    රජය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකරන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසෙන් ඉවත්වීමට සුදානම් බව පොදුජන පෙරමුණේ, මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, අදාළ නිල නිවස මහින්ද රාජපක්ෂ මහතා වෙත යහපාලන ආණ්ඩුව විසින් නිල වශයෙන් ලබාදී ඇති බැවින් ඉන් ඉවත්වීමට අවශ්‍ය…

    Read More