
featureNews

මහ බැංකුව ස්ථාවර තීරණයක
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත.

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී…

රතු කැකුළුවලට සුදු කැකුළු මිශ්‍ර කිරීමේ ජාවාරමක්
රතු කැකුළු සහල් වෙනුවට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වෙළෙඳපොළ තුළ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් විසින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව ද සඳහන්ය. ඒ…

යෝෂිතට දුන් ඇපය ගැන අධිකරණ ඇමති කරුණු පැහැදිලි කරයි
යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කරුණු පැහැදිලි කළේය. එහිදී අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ, යෝෂිත රාජපක්ෂ මේ දක්වා අදාළ නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කර නොමැති බවය. “යෝෂිත රාජපක්ෂ සම්බන්ධ වූ මුදල් විශුද්ධිකරණ සිද්ධිය දැනට අවුරුදු 8කට පමණ කලින් තමයි සිදුවෙන්නේ. මේ දක්වා යෝෂිතව නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කෙරුණේ නැහැ. එතකොට යම් පුද්ගලයෙක්ට…

රජය අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමට සැරසෙයි
මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර තිබේ. ඒ පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවදීය. එම සාකච්ඡාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ද සහභාගී විය. මේ වනවිට සංචාරකයින්ගේ පැමිණීම ශ්‍රීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් හැකිතාක් පුළුල් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය…

වසර 28කට පසුව අපනයන සංවර්ධන අමාත්‍ය සභාව ක්‍රියාත්මක වෙයි
නව රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ජනාධිපති කාර්යාලයේ අද (27) පැවැති අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවට එක් වෙමිනි. 2024 වසරේ ඩොලර්…

ප්‍රදේශ කිහිපයක වායු ගුණ මට්ටම ගැන නිවේදනයක්
දිවයින වටා නගර සහ ප්‍රදේශ 06ක වායු ගුණත්ව තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පැමිණ තිබුණි. ඒ යාපනය නගරය, කොළඹ නගරය, ගාල්ල කරාපිටිය, ත්‍රිකුණාමලය නගරය, පොළොන්නරුව නගරය සහ අනුරාධපුර නගරය යන ප්‍රදේශවලය. වායු ගුණ තත්ත්ව දර්ශකය හෙවත් SL AQI හි අගය 0ත් 50ත් අතර යනු යහපත් මට්ටම වන අතර, එය 51 -100 අතර මධ්‍යස්ථ මට්ටමක්…

විදෙස් ශ්‍රමිකයින්ගේ මුවාවෙන් රේගුවෙන් පන්නන් හැදූ බඩු තොගය
ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් සිය භාරයට ගත් භාණ්ඩ තොගයක් ඊෙය් (27) දින බ්ලූමැන්ඩල් කාගෝ අංගනයේදී විවෘත කෙරිණි. දැනට ගණන් බලා ඇති ආකාරයට මෙහි වටිනාකම රුපියල් මිලියන 200 ක් පමණ වන අතර ඉදිරී පරීක්ෂා කිරීම්වලදී මෙම මිල ගණන් වෙනස් විය හැකි බවත් වාර්තා වේ. විදේශයන්හී සේවය කරනු ලබන ජනතාවගේ භාණ්ඩ මුවාවෙන් මෙම භාණ්ඩ…

වතු නිවාස වෙනුවට සියලු යටිතල පහසුකම් සහිත මහල් නිවාස ක්‍රමයක්
වතු ආශ්‍රිත ජනතාවට ඉදිරියේදී සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. වතු ප්‍රජාවගේ නිවාස හා යටිතල පහසුකම් වැඩි දියුණු වෙනුවෙන් පසුගිය 24 වැනිදා වැවිලි මානව සංවර්ධන භාරය සමග වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව…

වාහන ආනයනයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ
වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. 1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉකුත් 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට මේ වසරේ ජනවාරි 27 වැනිදා දක්වා…