featureNews
තානාපතිවරුන්ට ඉලක්ක ලබාදෙයි
රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි. දේශපාලන හිතවත්කම් සහ ඥාති සබඳතා මත තානාපති සේවයට නිලධාරීන් පත් කිරීමේ ක්‍රමවේදය අවසන් කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වර්ෂය සඳහා වන ආධුනික කණ්ඩායම බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින්…
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි නඩුවක් කල්යයි
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවට අදාළව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පිළිතුරු දේශනය පිළිබඳ නියෝගය පෙබරවාරි මස 21 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය. 2012 වසරේ ග්‍රීක ආර්ථිකය බිඳ වැටෙන බව දකිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා…
අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලයට සීමාවක්
වත්මන් රජයේ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලය සඳහා උපරිම සේවක සංඛ්‍යාවක් නියම කර තිබේ. ඒ අනුව අමාත්‍යවරු සඳහා සහාය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ උපරිමයකට යටත්වන අතර, නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා එම පිරිස 12කට සීමා කර ඇත. අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව සහ සියලු පාර්ශවයන් සමග මනා සම්බන්ධීකරණයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහා මෙම…
සති 03 කදී ඩෙංගු රෝගීන් 3,500 ඉක්මවයි
වසරේ පළමු සති 3 තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 3,649 දෙනෙකු වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම මුල් සති 03 තුළදී ඩෙංගු මරණ 02 ක්ද වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේය. ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,576කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 491ක් ගම්පහින් රෝගීන් 558ක් සහ…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 සිට – විභාග සහ විෂයමාලාත් වෙනස්වෙයි
විෂය නිර්දේශ මෙන්ම විභාග ක්‍රමය ද ඇතුළත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය. පසුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල යෝජනාවල සාධනීය වෙනස්කම් සිදුකර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය. එතුළින් සිසුන්ට වඩාත් යෝග්‍යවන අයුරින් පවතින අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයකට ලක්කරන…
5 ශිෂ්‍යත්වයේ දිවයිනේ ප්‍රථමයා ලකුණු 188යි
2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (24) පෙරවරුවේ පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. එහිදී විභාග කොමසාරිස් ජනරාල් පවසා සිටියේ, ඊයේ නිකුත්කළ ප්‍රතිඵල අතරින් වැඩිම ලකුණු ලබාගත් දරුවා ලකුණු 188ක් ලබාගෙන තිබෙන බවයි. ඊට අමතරව දරුවන්…
WTC එකට රෑට රෑට පනින Batman අල්ලයි
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විසින් සිදුකළ සොරකම් අවසානයේ බිත්තිවල ‘බැට් මෑන්’ යනුවෙන් තබා තිබූ සටහනක් ඇසුරින් සිදුකළ සූක්ෂම විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම අතටම හසුකර ගැනීමට පොලීසියට හැකිව ඇත. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුනේ 26වන මහලේ පවත්වාගෙන…
දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් ඉහළට
නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට අහිමිවූ බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසන්නේ මෙම බදු ප්‍රමාණය තීරණය කිරීම හරහා දුම් වැටි අලවිය සියයට 50කින් පමණ අඩු වුවද දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් පමණ…
මගී බස් රථයක් සහ බහාලුම් රථයක එකිනෙක ගැටෙයි
කොළඹ – වේලිඔය බස් රථයක් මාහිංගොඩ ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. ඊයේ (23) රාත්‍රී 8ට පමණ බස් රථය සහ බහාලුම් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර අනතුරත් සමග කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබූ බව අප වාර්තාකරු පැවසීය.
අද කාලගුණය
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට…